තිලංග සුමතිපාලට අසාධාරණයක් වෙලා තියෙනවා නම් උසාවියට යන්න පුළුවන් – හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති  තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට සහභාගී වීම වළක්වාලමින් ගෙන ආ නියෝගය හුදෙක් මාගේ පෞද්ගලික ප්‍රයෝජනය වෙනුවෙන් ගත් තීරණයක් නොවන බවත්, ඔහුට මෙහිදී යම් අසාධාරණයක් සිදු වී ඇත්නම්, නීතියේ පිහිට පැතීමට හැකියාව ඇති බව විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද  ( 18 ) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේය.

“ තිලංග සුමතිපාල මහත්මයට අසාධාරණයක් වෙලා තියෙනවා නම්, ඔහුට උසාවියට යන්න පුළුවන්. එතනට ගිහින් ඔහු නිවරදි කියලා ඔප්පු කරන්න පුළුවන්. අපි එතකොට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් එවපු ලියවිල්ල ඉදිරිපත් කරන්නම් උසාවියට…

“ මම නිවරදි තොරතුරු නැතුව කවදාවත් තීරණයක් ගන්නේ නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් එවපු ලිපියේ තිබූ බොහෝ කරුණු දරුණු ඒවා හැටියටයි අපි දැක්කේ. අපි නීතියට අනුව කටයුතු කළා. මට එතුම එක්ක කිසිම පෞද්ගලික ප්‍රහ්නයක් නැහැ. අඩුගානේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් එවපු ලිපිය ක්‍රිකට් ආයතනයට ඇරෙන්න කිසිදු පාර්ශවයකට ලබාදුන්නේ නැහැ. අඩුම තරමේ මම ඒ සම්බන්ධයෙන් පිටපතක්වත් තියා ගත්තේ නැහැ. මම ක්‍රීඩා ඇමතිකම භාර ගන්න කොට ලෝකයම කීවේ ක්‍රිකට් වලින් දූෂණය වෙච්ච රට මේක කියලා. ඒත් මම හරි දේ කලා කියලා හිතනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්වය පැහැදිලි කරමින්  ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයාමේ බව කියා සිටියේය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.