ප්‍රබල පකිස්තානය පරදා ඇෆ්ගනිස්තාන යොවුන් පිල පළමු ජය ලබයි

ඇෆ්ගනිස්තාන යොවුන් පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ පකිස්තාන යොවුන් කණ්ඩායම ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියේ අද ( 05 ) සහභාගී වූ පළමු තරගයෙන්ම ලකුණු 85ක  පරාජයක් හිමි විය. මෙම තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

වර්ෂාව හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 46කට සීමා වූ අතර ඒ අනුව ලකුණු 163ක ඉලක්කය හඹාගිය පකිස්තාන යොවුන් කණ්ඩායමට පන්දුවාර 19.4කදී සියලු දෙනාදැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 78ක් පමණි.

පකිස්තාන ඉනිමේ ඉර්ෆාන් ඛාන් සහ ෆහාඩ් මුනීර් හැරෙන්න වෙනක් කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 10 සීමාවත් පසුකර යාමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.

පන්දු යැවීමේදී ශෆියුල්ලා ඝෆාරී ලකුණු 15කට කඩුලු 3ක් බිද හෙලද්දී, ඔහුට අනගි සහයක් ලබාදුන් නූර් අහමඩ්, අබ්දුල්ලා ටනිවල් සහ ෆසාල් හක් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 46 අවසානයේ කඩුලු 9කට ලකුණු 162ක්රැස් කිරීමට සමත් විය.

ඇෆ්ගනිස්තාන ඉනිම වෙනුවෙන් සෙද්දියුල්ලා අටාල් ලකුණු 29 සහ රහ්මනුල්ලා ලකුණු 27 බැගින් රැස් කළහ.

පන්දු යැවීමේදී පකිස්තානයේ අමීර් අලි සහ ෆහඩ් මුනීර් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.