තෙන්ඩුල්කාර් අමතක නොකළ ගුරු භක්තිය

තමන්ගේ කුඩා කාලයේ ක්‍රිකට් ගුරුවරයා වූ  රාමකාන්ත් අච්‍රකාර්  තමන්ට ක්‍රිකට් පිටියේදී මෙන්ම සාමාන්‍ය ජීවිතයේදී ද නිවරදි අයුරින් ජීවත් වන ආකාරය කියාදුන් බව ටිව්ටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් සචින් ටෙන්ඩුල්කාර් අද ( 05 ) අපූරු සටහනක් පළකර තිබුණි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ අද දිනට යෙදී තිබෙන ගුරුවන්ගේ දිනයට උපහාරයක් වශයෙනි.

“  ගුරුවරුන්ගේ කාර්යය අධ්‍යාපනය පමණක් ලබාදීම නොවේ. සාරධර්ම ද ඉගැන්වීමයි. අච්‍රකාර් සර් මට  ක්‍රිකට් පිටියේ මෙන්ම සාමාන්‍ය ජීවිතයේදී කෙළින්ම හැසිරෙන විදිය ඉගැන්වූවා. මගේ ජීවිතය සාර්ථක කර ගන්න ඔහුකළ ඉමහත් දායකත්වයට මම සැම විටම කෘතගුණ වෙමි. ඔහුගේ පාඩම් අදටත් මට මග පෙන්වයි යවුවෙන් ඔහු ටිව්ටර් ගිණුමේ පළකර තිබුණි.

නිවරදි මග පෙන්වීමක් මෙන්ම නිවරදි ආකල්ප හැදෑරීමක් තුළ ඉන්දියාව වැනි  රටකින් ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවෙකු වීමට තමන්ට හැකි වූ බවත් එහි සියලු ගෞරවය ගුරුවරුන් වෙත යායුතු බවත් සචින් තෙන්ඩුල්කාර් පවසා තිබේ.

ක්‍රිකට් පිටියේ ශතක 100 ක් සම්පූර්ණ කළ පළමු පිතිකරුවා වන්නේ ද සචින් තෙන්ඩුල්කාර්ය. ඔහු ටෙස්ට් තරග 200 කදී ශතක 51 ක් සමගින් ලකුණු 15, 921 ක් රැස් කිරීමට සමත් විය. ටෙස්ට් පිටියේ මෙන්ම එක්දින පිටියේද විශිෂ්ටයෙකු වූ  සචින් තෙන්ඩුල්කාර් එහිදී ශතක 49ක් සමගින් ලකුණු 18,426ක් රැස් කිරිමට සමත් විය. .

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.