අළු බදුන ඉතිරි තරග දෙක විනිශ්චයට ධර්මසේන -කැඳවයි

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සිව්වන තරගයේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කිරීමට කුමාර ධර්මසේන කැඳවීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මලනය හදිසියේ තීරණය කර තිබේ.

ඒ තරග සඳහා විනිසුරුවන් ලෙස කටයුතු කිරීමට මාරිස් එරස්මස් ශ්‍රී ලංකාවේ විනිසුරුවෙක් වන රුචිර පල්ලියගුරුගේ මිට පෙර පත්කර තිබුණු අතර ඔවුන් පල්ලියගුරු ජාත්‍යන්තර ක්‍රිකට් සම්මලන විනිසුරු සංචිතයේ සුපිරි කණ්ඩායමට අයත් නොවිය.

තරගාවලියේ ඉතිරි තරග දෙකේ ප්‍රධාන විනිශ්චය සඳහා කුමාර ධර්මසේන සහ මාරිස් එරස්මස් යොදවා ඇති අතර රුචිර පල්ලියගුරු තෙවෙනි විනිසුරුගේ කාර්යය ඉටුකරනු ඇත.

අළු බඳුන තරගාවලියේ මෙතෙක් පැවැති තරග තුනේදී ම ලබාදුන් වැරදි තීරණ අයි.සී.සී.විනිසුරු මණ්ඩලයට දැඩි කැළලක් එක්කළ අතර විනිසුරුවන් නැවත පත්කිරීමට ද එය හේතුවක් වී ඇත.

සැප්තැම්බර් 4 වැනිදා මැන්චෙස්ටර්හීදීත්, පස්වන තරගය සැප්තැම්බර් 12 වැනිදා ලන්ඩන්හිදීත් ආරම්භ වීමට නියමිතයි .

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.