විස්සයි 20 නායකත්වය මාලිංගට යද්දී, පරණ මුහුණු රැසක් ඉවතට

සංචාරක නවසීලන්ත කණ්ඩායමට  එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියට අදාල ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ( 24 ) නිලවශයෙන් ප්‍රකාශයට පත් කළේය.

කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇති අතර කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ උප නායකත්වය හිමිව තිබේ.

ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිවුස්ට කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොමැති අතර තිසර පෙරේරා ද අවසන් 15 දෙනාගේ සංචිතයට එක් නොකිරීමට තීරණය කර තිබේ. දෙවැනි ටෙස්ට් තරගයේදී ශතකයක් ලබාගත් ධනංජය ද සිල්වාට ද කණ්ඩායමේ ස්ථානයක් හිමිව නැහැ.

කණ්ඩායමේ ස්ථානය අහිමිව සිට ශ්‍රී ලංකා නවසීලන්ත පුහුණු තරගයට එක් කළ ධනුෂ්ක ගුණතිලක විස්සයි 20 සංචිතයට එක් කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු විස්සයි 20 තරගය සැප්තැම්බර් මස 1 වැනිදා මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී  ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි හා තෙවැනි තරග පිළිවෙලින් සැප්තැම්බර් 03 සහ 06 වැනිදා පැවැත්වේ.

ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය – ලසිත් මාලිංග ( නායක ), නිරෝෂන් දික්වැල්ල ( උප නායක ), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිදු හසරංග , අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර, ලහිරු මධුෂංක

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.