ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක බුම්රා නිලියක් සමඟ පැටලෙයි ?

කීර්තිමත් පුද්ගලයන් සහ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ඇති මිත්‍රත්වය සැමවිටම ප්‍රචලිත වී තිබේ.

ඒ අතර ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නිළියන් අතර ඇති සම්බන්ධතා සහ පෙම් සම්බන්ධතා අලුත් දෙයක් නොවේ. මෙම ලැයිස්තුවට අලුතින්ම එකතු වෙන ක්‍රිකට් ක්‍රීඩකයා වෙන කවුරුත් නොව ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ය. ජනප්‍රිය දකුණු ඉන්දියානු නිළි අනුපමා පරමේශ්වරන් සමඟ බුම්රා සම්බන්දතාවයක් පවත්වාගෙන යන බව ට වන කටකතා ලැව් ගින්නක් මෙන් පැතිරී තිබේ.

නිළි අනුපමා පරමේශ්වරන් සහ බුම්රා එකිනෙකා සමඟ පෙම් සබඳතා වය දෙදෙනාගේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අදහස් දැක්වීමෙන් පසුව ආරම්භවී ඇති බව ට තොරතුරු පැතිර ගොස් තිබේ.

අනුපාමා බුම්රා ගේ ට්විටර් ගිණුම ඔස්සේ ඔහුව නිරීක්ෂණය කිරීම ඔවුන්ගේ ආදරය පිළිබඳව ආරංචි පැතිරීමට හේතු වී තිබේ.

කෙසේ වෙතත් අනුපමා පරමේශ්වරන් පවසන්නේ ඔවුන් හොඳ මිතුරන් පමණක් බවත් ඔවුන් එකිනෙකා සමඟ පෙම් සබඳතාවක් පවත්වන බවත් පවසමින් නිර්මාණය වී ඇති එම වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.

ඇයගේ මෙම ප්‍රකාශය පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍යවල පැතිරී ඇති සෙසු සමපේක්ෂන සියල්ලටම තිත තැබීමට ප්‍රමාණවත්විය.

ජස්ප්‍රිත් බුම්රා නිළියක් සමඟ සම්බන්ධ වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර ඔහු තවත් දකුණු ඉන්දීය නිළියක් වන රාෂි ඛන්නා සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට කටතතා පැතිරිණි.. “බුම්රා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව මම දනිමි, එපමණකි” යනුවෙන් රාෂි එවැනි කටකතා ප්‍රතික්ෂේප කර තිබේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.