යොවුන් දැල්පන්දු පිල ජපානයට

ජපානයේදී ජූනි 29 සිට ජූලි 07 වැනිදා දක්වා පැවැත්වෙන 11 වෙනි ආසියානු කණිෂ්ඨ දැල්පන්දු තරඟාවලිය සඳහා තරග වදින ශ්‍රී ලංකා කනිෂ්ට දැල්පන්දු කණ්ඩායම ඊයේ (26) ජපානය බලා පිටත්ව ගියහ.

ශ්‍රීලංකාවද ඇතුළුව රටවල් 11ක් මෙවර තරගාවලියට එක්ව සිටිති.

ආසියානු කණිෂ්ඨ දැල්පන්දු තරඟාවලියට A කාණ්ඩයෙන් එක්වෙන රටවල් වන්නේ සිංගප්පූරුව, ශ්‍රීලංකාව, තායිලන්තය, කොරියාව හා නේපාලය වන අතර B කාණ්ඩයෙන් මැලේසියාව, හොංකොං, ඉන්දියාව, චීන තායිපේ,බෲනායි හා ජපානය යන රටවල් එක්වේ.

කොළඹ විසාකා විද්‍යාලයේ තරුෂි ඉලංගරත්න නායකත්වය දරන අතර ඊට ක්‍රීඩිකාවන් 12ක් නිළධාරිනියන් 05ක් හා තරඟ විනිසුරුවරයෙක් හා විනිසුරුවරියක් ඇතුළු 19 දෙනෙකු ඇතුලත් වෙති.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.