ලෝක කුසලාන රග්බි තරගාවලිය 2019-අර්ධ අවසන් පුර්ව වටයට සියල්ල සුදානම්

ලෝක කුසලාන රග්බි තරගාවලියේ වඩාත්ම දැවැන්ත සති අන්තය හෙට උදා වනු ඇත.

සෙනසුරාදා (18) අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රථමයෙන් එංගලන්තය ඕස්ට්‍රේලියාව සමග තරග වදිනු ඇත. නවසිලන්ත යට එරෙහිව අයර්ලන්තය දෙවන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට එක්වේ.

අනෙක් අර්ධ අවසන් පූර්ව තරග දෙකේදී ඉරිදා (19) වේල්සය ප්‍රංශය සමග තරග වදින අතර දකුණු අප්‍රිකාවට එරෙහිව සත්කාරක ජපානය තරග වැදීමට නියමිතයි.

මේවනවිටත් අවසන් පුරවා වටයට එක්වෙන් කණ්ඩායම් පිළිබඳව රාගී විචාරකයන් විවිධ මත පල කරති. බහුතරය එංගලන්තය හා වේල්ස් ජයග්‍රහණ පිළිබඳව අනාවැකි පලකර ඇති අතර, අයර්ලන්තය සහ ජපානය බොහෝ දුරට පෙරලියක් ඇතිකිරීමේ අවස්ථාව පිළිබඳ සුභවාදී බලාපොරොත්තුවක් පළකරති.

කෙසේවෙතත් . නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව පිළිබඳව ද අවත්ක්සේරුකිරීම් වාර්තාවන්නේ නැත. නවසීලන්ත කණ්ඩායම ඔට්ටු තබන්නන් අතර ජනප්‍රියතම කණ්ඩායම බවට පරිවර්තනය වී ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.