ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ එංගලන්ත ගමන ප්‍රමාද වුයේ ඇයි ?

 

එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වූ දිනට දිවයිනෙන් බැහැර වීමට නොහැකි වී තිබේ

වීසා ප්‍රමාදය හේතුවෙන් ශ්‍රීලංකා කණ්ඩායමේ ගමන ප්‍රමාද වී ඇති අතර විසා ලබා ගැනීම සඳහා අදාළ අයදුම්පත් නිසි වෙලාවට ලබා නොදීම ඊට හේතුවී ඇති බව සැලයි .

විසා සඳහා ඉදිරිපත් කරන අයදුම්පත් කණ්ඩායමක් ලෙස එකවිට බාර දී නොමැති අතර ඒ සඳහා වරින් වර කණ්ඩායම් බැගින් ඉදිරිපත් කර ඇති අතර මෙවැනි අවස්ථාවක විදේශ අමාත්‍යංශයේ සහය ලබා ගෙන අයදුම් පත් ඉදිරිපත් කලේ නම් නිසි වෙලාවට විසා ලබා ගැනීමේ හැකියාව තිබුනද ඒ සඳහා පියවර ගෙන නොතිබේ.

පසුගිය බදාදා ( 26 ) ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබුණත් අද (28) වන විටද එංගලන්තය බලා යාමට නොහැකිව සිටින බව වාර්තාවේ.

එළඹෙන ජූලි මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා ලීවර්පූල්හිදී ලෝක දැල්පන්දු තරගාවලියට පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට පෙර ‘ලන්ඩන්’ නුවර දී පුහුණු තරග කිහිපයකට සහභාගි වීමේ අපේක්‍ෂාවෙන් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම කල් ඇතිවම එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබුනි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.