සාග් තරගාවලියට යන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිත නම් කෙරේ

ලබන මස 1 වැනිදා නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භ වන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා 55 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු යොදා තිබේ.

එම සංචිතය මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යොමුකර ඇති අතර ඉසව් රැසකට ක්‍රීඩකයන් දෙදෙනකු බැගින් වන පරිදි මේ සංචිතය නම් කිරීමට මලල ක්‍රීඩා සංගමය කටයුතු කර ඇත. මින් පෙර එක් ඉසව්වකට සත්කාරක නේපාලය හැර සෙසු රටවලින් එක් ක්‍රීඩකයකු පමණක් සහභාගි කරවීමට තරග සංවිධායකයන් තීරණය කර තිබිණි. ඒ අනුව කළින් අවස්ථාව හිමිව තිබුණේ තිස්දෙදෙනකුගෙන් සමන්විත මලල ක්‍රීඩා කණ්ඩායමක් නේපාලයට යැවීමටය.

පසුගිය වර ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා ඉසව්වෙන් රන් පදක්කම් 9ක් දිනාගත් අතර දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙමින් හිමාෂ ඒෂාන් සහ රුමේෂිකා රත්නායක මීටර් 100 ඉසව් ජය ගැනීමට සමත් වූහ.

එවර තනි ඉසව්වන්ගෙන් රන් පදක්කම් දිනාගත් විනොජ් සුරංජය, ඉඳුනිල් හේරත්, නිමාලි ලියනාරච්චි ද මේ සංචිතයට එක්ව සිටිති.

පිරිමි සංචිතය

හිමාෂ එෂාන් (මීටර් 100 සහ මී.100×4), විනොජ් සුරංජය (මී. 100, 200 සහ මී.100×4), ඒ. එස්. එම්. සෆාන් (මී. 200), එස්. අරුණ දර්ශන (මී. 400 සහ මී. 400×4), ඒ. එම්. එල්. පී. ගුණතිලක (මී.400 සහ මී.400×4), එච්. ඊ. එම්. අයි. ජී ඉඳුනිල් හේරත් (මී. 800), ජී. ආර්. චතුරංග (මී. 800), එම්. එම් කුපුන් කුෂාන්ත (මී. 1500), ආර්. ඒ සජීව ලක්මාල් (මී.1500), ආර්. එම්. එස්. පුෂ්පකුමාර (මී. 5,000 සහ මී.3,000 බාධක දිවීම), ඩබ්. වී. එම්. යූ. කුමාර (මී. 5,000 සහ මී. 10,000), කේ. ෂන්මුගන් (මී. 10,000), ආර්. රොෂාන් ඩී. රණතුංග (මී.110 කඩුලු පැනීම), අසංක. එල් රත්නසේන (මී.400 කඩුලු පැනීම), එච්. එම්. ඊ. යූ. බී හේරත් (මී. 3000 බාධක දිවීම), ඒ. එම්. යුපුන් අබේකෝන් (මී. 100×4), බී. ඩී. සී. එස්. ධර්මකීර්ති (මී. 100×4), වයි. සී. එම් යෝධසිංහ (මී. 100×4), ආර්. එම්. ආර්. එන් රාජකරුණා (400×4), එච්. එම් දිලිප් රුවන් (මී. 400×4), වයි. එම්. ඩබ්. එස්. ඒ ගුණරත්න (400×4), එච්. ටී. උෂාන් තිවංක පෙරේරා (උස පැනීම), ඩබ්. පී අමිල ජයසිරි (දුර පැනීම), ජේ. එච්. ජී. සම්පත් (දුර පැනීම), එම්. එන්. සෆ්‍රීන් අහමඩ් (තුන් පිම්ම), එල්. පී ශ්‍රේශාන් ධනංජය (තුම් පිම්ම), ඩබ්. සමිත් ප්‍රනාන්දු (යගුලිය විසි කිරීම), එස්. පී. ජේ බන්දුල (කවපෙත්ත විසි කිරීම), ආර්. එම්. එස්. ජේ රණසිංහ (හෙල්ල විසි කිරීම), ආර්. පී. ඩබ්ලිව්. එල් දයාරත්න (හෙල්ල විසි කිරීම), ඩබ්. එම්. එස් කුමාර (මැරතන්), ධම්මික අරුණසිරි (මැරතන්)

කාන්තා සංචිතය

ඩබ්. වී. එල් සුගන්ධි (මී.100, 100 කඩුලු පැනීම සහ මී.100×4), ඩී. ටී. අමාෂා ද සිල්වා (මී.100 සහ මී.100×4), ශර්මිලා ජෑන් (මී.200 සහ මී.100×4), නදීෂා රාමණායක (මී. 200, 400 සහ 400×4), ඊ. කේ මදුෂානි (මී.400, 400 කඩුලු පැනීම සහ මී. 400×4), ඩබ්. කේ. එල්. ඒ නිමාලි (මී. 800 සහ 1500), කේ. ජී. ඩී. එම්. එස් කුමාරසිංහ (මී. 800 සහ මී.400×4), ජී. ටී. ඒ අබේරත්න (මී. 1500), යූ. කේ. එන් රාමනායක (මී. 5000 සහ මී. 3000 බාධක දිවීම), හිරුණි විජේරත්න (මී. 10000M සහ මැරතන්) ඒ. එන්. එල් ආරියදාස (මී. 10000), ආර්. ඒ. අයි. එස් රාජසිංහ (මී.100 කඩුලු පැනීම), එන්. ජී. ඩී. එන් ලක්මාලි (මී. 400x සහ මී.400 කඩුලු පැනීම), ඩී. කේ රණසිංහ (උස පැනීම), එච්. ඩී විදූෂා ලක්ෂානි (දුර පැනීම සහ තුම් පිම්ම), අන්ජනී පුලවංශ (දුර පැනීම), ඩබ්. ටී. කේ ප්‍රනාන්දු (යගුලිය විසි කිරීම), ඒ. එච්. වී. වී ලක්මාලි (කවපෙත්ත විසි කිරීම), බී. එල් නදීකා ලක්මාලි (හෙල්ල විසි කිරීම), මදුමාලි පෙරේරා (මැරතන්), සාරංගී සිල්වා (මී.100×4), සදීප හෙන්ඩර්සන් (මී.100×4), එම්. ඕ. උදයංගනී (මී.100×4)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.