සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ විශිෂ්ට පාසල ලෙස කොළඹ රාජකීය විදුහල සම්මාන දිනා ගනියි.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සියලුම ක්‍රීඩාවලින් ශ්‍රී ලංකාවේ අති විශිෂ්ට පාසල ලෙස කොළඹ රාජකීය විදුහල සම්මාන දිනා ගනියි.

රාජකීය විදුහල ලකුණු 127.5ක් ලබාගත් අතර දෙවැනි ස්ථානය දිනාගත් සාන්ත පීතර විදුහල ලකුණු 80ක්, තෙවැනි ස්ථානයට පත්වූ කොළඹ විශාඛා විදුහල ලකුණු 60ක් ලබා ගත්තේය. ඊයේ කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජය සංකේත ප්‍රදානය සිදු කෙරුණි.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා අංශයෙන් මෙවර ඉතිහාසයේ වැඩිම නව තරග වාර්තා බිහිවෙමින් වාර්තා 49ක් සටහන්වීම කැපී පෙණුනි. දින 5ක් පුරා පැවැති මලල ක්‍රීඩා තරගාවලියේදී බාලක අංශයෙන් නව තරග වාර්තා 27ක් හා බාලිකා අංශයෙන් නව තරග වාර්තා 22ක් බිහිවිය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.