ලෝක කුසලාන රග්බි – නවසීලන්තයේ සිහින බිද දැමූ එංගලන්තය අවසන් මහා තරගයට

ගියවර ශූරයන් වූ නවසීලන්තය ලකුණු 19 – 7 කින් පරාජය කරමින් මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ප්‍රබල එංගලන්ත කණ්ඩායම අද ( 26 ) සමත් විය.

පළමු අර්ධය ලකුණු 10 – 0 කින් පෙරමුණ ගත් එංගලන්ත කණ්ඩායම නවසීලන්තයේ සියලු බලාපොරොත්තු බිද දමමින් දෙවැනි අර්ධයේදී ලකුණු 19 ක දක්වා එංගලන්ත කණ්ඩායම ඉහළට ඔසවා තැබීමට ජෝර්ජ් ෆෝර්ඩ් සමත් වූයේ එංගලන්තයට ලැබුණු දඩුවම් පහර ත්‍රිත්වයම අති සාර්ථකව ගෝල කණු අතරින් පතිත වීමට සලස්වමිනි.

එංගන්තය වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම මනු ටුයිලාගී 2 වැනි මිනිත්තුවේදී, වාර්තා කරනු ලැබූ අතර එහි ප්‍රවර්ථනය ඔවෙන් ෆාරෙල් විසින් සාර්ථකව පිලිගනු ලැබීය.

නවසීලන්තයේ ආර්ඩි සැවියා 57 වැනි මිනිත්තුවේදී උත්සාහ දිනුමක් වා ර්තා කරමින් තරගයට අවතීර්ණ වුවද, ඉන් අනතුරුව එංගලන්ත ඉදිරි ආරක්ෂක වළල්ලෙන් ඉදිරියට ඇදී යාමට නවසීලන්තයට කිසිසේත් අවස්ථාවක් හිමි නොවීය.

ඒ අනුව හෙට පැවැත්වෙන දකුණු අප්‍රිකාව සහ වේල්සය අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව වටයේ තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමගින් එංගලන්තය අවසන් මහා තරගයේදී කිරුළට සටන් වැදීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.