45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – බස්නාහිර පළාත රන් පදක්කම් 74ක්  සමගින් තවමත් පෙරමුණේ

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු දිනය නිමාවේදී ( 25 ) රන් පදක්කම් 74ක් හිමිකර ගනිමින්  බස්නාහිර පළාත පළමු ස්ථානයේත්, රන් පදක්කම් 38ක් හිමිකර ගනිමින් වයඹ පළාත දෙවැනි ස්ථානයේත් පසුවෙයි. ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් තරග ආරම්භ වීමට පෙර සිව්වන ස්ථානයේ රැදී සිටි දකුණු පළාත රන් පදක්කම් 20ක් හිමි කර ගනිමින් මේ වනවිට තෙවැනි තැනට පත්ව තිබේ.

රන් 74ක්, රිදී 61ක් සහ ලෝකඩ 38ක් සමගින් සමස්ත පදක්කම් 198ක් හිමි කර ගනිමින් බස්නාහිර පළාතට මේ වනවටි පළමු ස්ථානය හිමිව තිබේ. බස්නාහිර පළාත නියෝජනය කරමින් ඊයේ තරග බිමට පිවිසි උෂාන් පෙරේරා උස පැනීමේ රන් පදක්කමත්, අංජනී පුල්වන්ස දුර පැනීමේ රන් පදක්කමත් සහ එම්. එස් පුෂ්පකුමාර මිටර 10000 තරග ඉසව්වේ රන් පදක්කමත් දිනා ගනිමින් බස්නාහිර පළාත පළමු ස්ථානයේ තවදුරත් රැදීමට උපරිම දායකත්වය ලබාදුන්හ.

දෙවැනි ස්ථානයේ රැදී සිටින මධ්‍යම පළාත වෙනුවෙන් ඊයේ දිනයේදී තවත් එක්කර ගතහැකි වුයේ රන් පදක්කම් දෙකක් පමණි. ඒ මීටර 200 කාන්තා ඉසව්ව නියෝජනය කළ අමාෂා ද සිල්වා සහ කාන්තා යගුලිය ඉසව්ව නියෝජනය කළ නදීකා මුතුනායක විසින් ලබා ගත් රන් පදක්කම් දෙක පමණි.

තරගාවලියේ මළල ක්‍රීඩා තරග ආරම්බ වීමට පෙර වයඹ පළාත තෙවැනි ස්තානයේත් දකුණු පළාත සිව්වන ස්ථානයේත් පසුවිය. එහෙත් පළමු දිනය වූ ඊයේ දිනට තරග නිමාවන විට වයඹ පළාත සිව්වන ස්ථානයට ඇද දමමින් දකුණු පළාත තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය. දකුණු පළාත වෙනුවෙන් තරග වැදි ලක්ෂිත සමරසිංහ මීටර 200 රන් පදක්කමත්, ෂාමා දුලානි මීටර 400 කඩුලු මතින් දිවිමේ රන් පදක්කම සහ සිසිර කුමාර මිටිය විසි කිරීමේ තරග ඉසව්වේ රන පදක්කමත් දිනා ගනිමින් දකුණු පළාත ඉහළට ඔසවා තැබූහ.

පදක්කම් සටහන

බස්නාහිර පළාත – රන් 74 – රිදී 61 – ලෝකඩ 63 – සමස්ත පදක්කම් 198

මධ්‍යම පළාත      –රන් 38 – රිදි 29 – ලෝකඩ 46 – සමස්ත පදක්කම් 113

දකුණු පළාත       – රන් 20 – රිදී 24 – ලෝකඩ 24 – සමස්ත පදක්කම් 68

වයඹ පළාත        – රන් 20 – රිදී 18 – ලෝකඩ 36 – සමස්ත පදක්කම් 74

උතුරු මැද පළාත – රන් 15 – රිදී 14 – ලෝකඩ 29 – සමස්ත පදක්කම් 58

සබරගමුව පළාත  – රන් 13 – රිදී 20 – ලෝකඩ 22 – සමස්ත පදක්කම් 45

ඌව පළාත           – රන් 8 – රිදී 16 – ලෝකඩ 20 – සමස්ත පදක්කම් 44

නැගෙනහිර පළාත – රන් 6 – රිදී 4 – ලෝකඩ 7 – සමස්ත පදක්කම් 17

උතරු පළාත           – රන් 2 – රිදී 8 – ලෝකඩ 7 – සමස්ත පදක්කම් 17

ජායාරූප – ක්‍රීඩා අමාත්‍යංශයෙනි 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.