7 වැනි ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18ක්

7 වැනි ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 18ක් සහභාගීවීමට නියමිතයි.

චීනයේ වූහෑන් හිදී මේ මස 27 වැනිදා තරගාවලිය ආරම්භ වේ.

හිමාෂ ඒෂාන්, ආසියානු ලෝකඩ පදක්කම් දිනාගත් විදූෂා ලක්ෂානි, ආසියානු කනිෂ්ඨ රන් පදක්කම් දිනාගත් අරුණ දර්ශන හා මීටර් 3000 ජාතික වාර්තාව අලුත් කළ නිලානි රත්නායක, හෙල්ල වීසි කිරීමෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ සුමේධ රණසිංහ හා නදීකා ලක්මාලි, තුන් පිම්ම හා දුර පැනීම ඉසව්වලින් දස්කම් දැක්වූ ග්‍රේෂන් ධනංජය, ප්‍රසාද් විමලසිරි හා සාරංගි සිල්වා, මීටර් 400 තරග ඉසව්ව සඳහා උපමාලිකා රත්නකුමාරි හා නදීශා රාමනායක, මීටර් 100, මීටර් 200 ඉසව් සඳහා චානුක සංදීප, මොහොමඩ් සෆාන් හා ෆසීල් උදයර් ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ නම් කොට ඇත.

 

Related image
ගයන්තිකා අබේරත්න

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් මීටර් 800 ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චි හා යගුලිය විසි කිරීමේ දක්ෂතා දුක්වූ තාරිකා ප්‍රනාන්දු, රිටි පැනීමේ ශූර ඉෂාර සඳරුවන් සහභාගීවන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් මීටර් 1500 වාර්තා බිහිකළ ගයන්තිකා අබේරත්න තරගාවලියට සහභාගී වෙති.

Image result for himasha eshan
හිමාෂ ඒෂාන්

මෙතෙක් ශ්‍රී ලංකාව ලෝක හමුදා ක්‍රීඩා තරගාවලි පදක්කම් 9ක් දිනා ඇති අතර එයට රන් පදක්කම් 2ක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 6ක් ඇතුලත්ව තිබේ. අවසන්වරට 2015දී කොරියාවේ පැවැති ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට මීටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමිවූ අතර විනෝජ් මුතුමනී, මොහොමඩ් අබ්දූල්, අබ්දූල් රශීඩ් හා යුපුන් අබේකෝන් එම පදක්කම දිනා ගත්හ.

ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම

ඉෂාර සඳරුවන්, හිමාෂ ඒශාන්, ගයන්තිකා අබේරත්න, නිමාලි ලියනාආරච්චි, විදූශා ලක්ෂාණි, අරුණ දර්ශන, නිලානි රත්නායක, ග්‍රේෂන් ධනංජය, ප්‍රසාද් විමලසිරි, සාරංගි සිල්වා, නදීශා රාමනායක, සුමේධ රණසිංහ, නදීකා ලක්මාලි, උපමාලිකා රත්නකුමාරි, තාරිකා ප්‍රනාන්දු, චානුක සන්දීප, මොහොමඩ් සෆාන්, ෆසීල් උදයර්

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.