රටවල් තුනක නායකත්වය දැරූ ලොව එකම ක්‍රිකට් ක්‍රීඩකයා

ඕනෑම ක්‍රීඩාවකදී තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට නායකත්වය ලබා දීමට හැකිවීම ක්‍රීඩකයෙක් වෙත තම ක්‍රීඩා දිවියේදී ලැබෙන ඉහලම ගෞරවයක් ලෙස හැදින්විය හැක.

එවැනි ගෞරවයක් එක රටක් සඳහා නායකත්වය දීමෙන් පමණක් නොව රටවල් තුනක නායකත්වය ලබාදීමෙන් තැබිය හැකි දුර්ලභ වාර්තාවකට හිමිකම් කියන ක්‍රීඩකයෙක් සිටින බව ඔබ ඇසුවහොත් සමහරවිට පුදුමයට පත්වනු නොඅනුමානයි.

එම ක්‍රීඩකය ශ්‍රී ලාංකිකයෙක් ලෙස ඔබ හදුනාගතහොත් ඔබේ පුදුමය තවත් දෙගුණ තෙගුණ වනු ඇතිවාට සැක නැත .

ඒ අන් කිසිවෙක් නොව ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් වූ මහදේවන් සතාසිවම් ය.

ශ්‍රී ලංකා කණ්ඩායම (එවකට සිලෝන් ) වෙත නායකත්වය ලබාදුන් සතාසිවම් පසුකලෙක සිංගප්පුරුව සහ මලයාසියා කණ්ඩායම් වල ද නායකත්වය දරුවෙ එම දුර්ලභ වාර්තාවට හිමිකම් කියමින් .

1915 ඔක්තෝබර් 18 වන දින කොළඹදී උපත ලැබූ මහදේවන් සතාසිවම් මුලින්ම අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙනි .

එහිදී මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාවේ අත්පොත් තැබූ හෙතෙම ‘සාතා’ ලෙස

ආදරයෙන් නාමයෙන් පාසල් සමයේ සිටම ජනප්‍රිය චරිතයක් විය .

පාඩු කාලීනව කොළඹ වෙස්ලි විද්‍යාලයට එක්වූ ‘සතා ” පාසල් ක්‍රිකට් ක්‍රීඩාව අවසන් කළේ තමන් අවසන් වරට ක්‍රීඩාකළ ගල්කිස්ස ශාන්ත තෝමස් වි

ද්‍යාලයට එරෙහි තරගයේදී ලකුණු 142 ක් ලබා ලබාගනිමිනි.

‘සතා ‘ පළමු පෙළ තරග එකොළහක් පමණක් ක්‍රීඩා කර ඇති අතර ලකුණු 753 ක් රැස්කරගෙන තිබේ. එයට ශතක 3 ක් සහ අර්ධ ශතක 3 ක් ඇතුළුව 41.83 ක සාමාන්‍යයක් සටහන්ව ඇති අතර දෙමළ සංගමය සඳහා ක්‍රීඩා කළ හෙතෙම ශතක 44 ක් සහ ද්විත්ව ශතක 4 ක් තම ක්රිද්ද සමාජය වෙනුවන් ලබා ගැනීම කැපී පෙනේ.

විජය මර්චන්ට්ගේ නායකත්වයෙන් යුත් සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව කොළඹදී තරගයේ ‘සතා ‘ දෙවන ඉනිමේ රැස්කළ ලකුණු 111 තරගය පරාජයෙන් තොරව නිමා කිරීමට කදිම පිටිවහලක්විය.

එසේම මදුරාසියේ චෙපෝක් ක්‍රීඩාංගනයේ දී, සතාසිවම් ලබාගත් 215 ක විශිෂ්ට ඉනිම එවකට වාර්තාවක් වූ අතර එය එම ක්‍රීඩාංගනයේ සටහන් වූ අග්‍රගන්‍ය ඉනිමක් ලෙස ඉන්දීය විචාරකයන් එවකට හැදින්වුහ.

1948 ශ්‍රී ලංකා (සිලෝන් ) ක්‍රිකට් කණ්ඩායම

1950 දී ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය XI කණ්ඩායමට එරෙහිව තරඟයක් ක්‍රීඩා කළ අතර එහිදී සතාසිවම් ලකුණු 153 ක් ලබාගත් අතර ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල්ගේ නායකත්වයෙන් යුත් බටහිර ඉන්දීය ප්‍රහාරයට එරෙහිව සතාසිවම්ගේ ලකුණු 96ක් වූ කොදෙව්වන්ගේ පවා ඇගයීමට ලක්විය.

ඔහු ලෝක XI කණ්ඩායමක් තෝරා ගන්නේ නම්, මහදේවන් සතාසිවම් ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වන බවට .ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල් ප්‍රකාශ කළ අතර
ශ්‍රීමත් ගැරී සොබර්ස් ද ඔහුට ප්‍රශංසා කරමින් ඔහුව ‘ලෝකයේ දක්ෂතම පිතිකරුවා’ ලෙස ද වර්ණනා කළේය.

1977 ජූලි 9 වන දින සිය ජිවන ගමනින් සමුගත් සතාසිවම් නම් මේ සුවිශේෂ ක්‍රිකට් ක්‍රීඩකයා පිලිබඳ මතකය ක්‍රීඩාව ක්‍රීඩා කරන තාක් කල් ජීවමාන වනු ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.