පාකිස්තාන ක්‍රිකට් නායකයාගෙන් ඉල්ලීමක්

ආරක්ෂක තත්ත්වයේ සැළකිය යුතු ප්‍රගතියක් තිබෙන බවත්, පකිස්තානය තුළ නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට දායකත්වය ලබාදෙන මෙන් පවසමින් ශ්‍රී ලංකාවට, පාකිස්තානයට පැමිණෙන්නැයි පාකිස්තාන එක්දින හා විස්සයි20 පිලේ නායකයා ලෙස නැවත පත්වූ සර්ෆ්‍රාස් අහමඩ් ඉල්ලීමක් කර තිබේ.

‘ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව යළි පාකිස්තානයට ගෙන ඒමට අපගේ ක්‍රිකට් පාලක මණ්ඩලය කැපවීමෙන් කටයුතු කරනවා. අනිකුත් රටවල ක්‍රිකට් ආයතනත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් ඊට සහාය දෙනවා නම් අපි අගය කරනවා. අනිකුත් රටවල සංචාරය කරමින් අපිත් අපේ සහයෝගය ලබා දුන්නා. පසුගියදා ශ්‍රී ලංකාවේ පාස්කු දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවත් අපි අවුරුදු 19න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකාවට යැව්වා.‘ අහමඩ් කියා සිටියේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම පකිස්තානය ඉවත් වීම සමග සෆ්රාස් අහමඩ් සහ හිටපු පකිස්තාන ප්‍රධාන පුහුණුකරු මිකී ආතර අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පකිස්තානය ක්‍රිකට් ආයතනය තරගාවලියෙන් තරගාවලියට නායකයෙකු පත් කිරීමට පියවර ගත්තේය. ඒ අනුව සෆ්රාස් අහමඩ්ගේ නායකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වුවද අලුතින් පත් වූ පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ම්ස්බා උල් හක් ඇතුළු පකිස්තාන ක්‍රිකට් ආයතනය නැවතත් සෆ්රාස් අහමඩ් නායකත්වයේ රැදවීමට තීරණය කර කළේය.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පළමු එක්දින තරගය මේ මස 27 වැනිදා කරච්චි නුවරදී පැවැත්වීමට නියමිතය

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.