ශ්‍රීමත් ජෝන් ටාබට් තරගාවලියට තරගකරුවන් 17,000 කගේ පමණ සහභාගීත්වයක්

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පැරණිතම ක්‍රීඩා සැණකෙළිය වන ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මළල ක්‍රීඩා තරගාවලිය තරගකරුවන් 17000 කගේ පමණ සහභාගීත්වයෙන් මේ මස 10 වැනිදා කොළඹ සුගතදාස එළිමහන් පිටියේදී ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 89 වැනි වරටයි.

තරගාවලිය ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර ලෙස ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකන්ගේ තරගාවලිය පැවැත්වේ. මෙම තරගාවලිය මේ මස 10, 11 සහ 12 යන දිනයන්හිදී කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය. එහි දෙවැනි අදියර ලෙස කණිෂ්ඨ ක්‍රීඩකයන්ගේ තරගාවලිය නොවැම්බර් මස 8,9 සහ 10 යන දිනයන්හිදී බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන්ගේ තරගාවලිය ප්‍රධාන වයස් කාණ්ඩ 3ක් ( වයස 16 න් පහළ, 18න් පහළ සහ 20 න් පහළ ) යටතේ පැවැත්වෙන අතර කණිෂ්ඨ තරගාවලිය වයස් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වේ. එනම් වයස 12න් පහළ, 13න් පහළ,14න් පහළ සහ 15න් පහළ වශයෙනි.

තරගාවලියේ සියලු තොරතුරු www.srilankasports.com ඇසුරෙන් බලාපොරොත්තු වන්න.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.