යොවුන් ආසියානු කුසලානය සැප්තැම්බර් 5 වැනිදා ඇරඹෙයි

ආසියානු ක්‍රිකට් සම්මේලනය 8වැනි වරටත්  සංවිධානය කරන ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, එක්සත්අරාබි එමීර් රාජ්‍ය, නේපාලය සහ කුවේටය යන  කණ්ඩායම් මෙවර ආසියානු කුසලානය වෙනුවෙන්  තරග වැදීමට නියමිතය.

පළමු වටයේදී ඉන්දියාව,  ඇෆ්ගනිස්තානය, පකිස්තානය සහ කුවේටය යන කණ්ඩායම් ‘ ඒ ‘ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත මෙවර සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් ආරාබි එමිර් රාජ්‍ය සහ නේපාලය යන කණ්ඩායම් ‘ බී ‘ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.

සැප්තැම්බර් 5 වැනිදා කොළඹ  සී සී සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියාව සහ කුවේටය අතර තරගයෙන් මෙවර තරගාවලිය ආරම්භ වීමට නියමිතය. එදිනම ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර තරගය පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය සැප්තැම්බර් 6 වැනිදා නේපාල කණ්ඩායමට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පසුගිය වසරේ පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පරාජයට පත් කරමින් ඉන්දීය යොවුන් කණ්ඩායම 6 වැනි වරටත් කුසලානය තමන් සතු කර ගැනීමට සමත් විය. මෙතෙක් පවත්වා ඇති තරගාවලි 7 අතරින් ශ්‍රී ලංකාව අවස්ථා හතරකදී අනුශූරතාවය දිනා ගැනීමට සමත්ව ඇත.

තරග කාල සටහන

සැප් – 05 – ඉන්දියාව සහ කුවේටය අතර තරගය සී සී සී ක්‍රීඩාංගණයේදී

ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතර තරගය පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

සැප් – 06 – ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී

බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

සැප් – 07 – ඉන්දියාව සහ පකිස්තානය අතර තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී

ඇෆ්ගනිස්තානය සහ කුවේටය අතර තරගය ආර් ප්‍රේමාදාස ක්‍රීඩාංගණයේදී

සැප් 08 –   ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

බංග්ලාදේශය සහ නේපාලය අතර තරගය පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

සැප් 09 –  ඉන්දියව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය සී සී සී ක්‍රීඩාංගණයේද

පකිස්තානය සහ කුවේටය අතර තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී

සැප් – 10 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර තරගය මේරියන්ස් ක්‍රිකට්  ක්‍රීඩාංගනයේදී

සැප් 12 –  පළමු අවසන් පූර්ව තරගය –  A කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථාන අතර – පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී

දෙවැනි අවසන් පූර්ව තරගය –  කාණ්ඩයේ පළමු සහ දෙවැනි ස්ථාන  අතර – මොරටු ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයේදී

සැප් – 14 – අවසන් මහ තරගය – ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.