ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවීමට රවී ශ්‍රාස්ත්‍රීට වැඩි ඉඩක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වීමේ වැඩි ඉඩකඩක් හිටපු ඉනිදිය ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් වූ රවී ශ්‍රාස්ත්‍රී සතු බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා තෝරාගත් අවසන් අයදුම් කරුවන් 6 දෙනාගේ සම්මුඛ පරීක්ෂණ අද (16) පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ .

ඒ සඳහා හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කපිල් දේව් ගේ ප්‍රධානත්වයෙන් යුත් ක්‍රිකට් උපදෙස් කමිටුව රැස්වීමට නියමිතයි.

රවී ශාස්ත්‍රී සමඟ ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රීඩක සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු ටොම් මුඩී , හිටපු නවසීලන්ත පුහුණුකරු මයික් හෙසන් , හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක සහ ඇෆ්ගනිස්ථානයේ හිටපු පුහුණුකරු ෆිල් සිමන්ස් විදෙස් පුහුණුකරුවන් ලෙස පර්ක්ෂණයට එක්වන අතර 2007 පන්දුවාර 20-20 ලෝක කුසලානය ඉන්දියාව හිමිකර ගනිද්දී කණ්ඩායමේ කළමනාකරුවූ ලාල්චන්ද් රාජ්පුත් සහ මුම්බායි ඉන්දියන්ස් කණඩායමේ හිටපු පුහුණුකරු රොබින් සිං ඉන්දියානුවන් තනතුර සඳහා අයදුම් කර තිබේ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.