රට වෙනුවෙන් මගේ අවසන් යුතුකමත් කරනවා-මාලිංග

එළඹෙන ලෝක කුසලාන විස්සයි -විස්ස තරගාවලියට ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබා ගැනීමට තමන්ට කල හැකි යමක් වී නම් එය ඉටු කිරීමට තමන් සුදානම් බව ලසිත් මාලිංග පවසයි.

2020 ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් කණ්ඩායම් සඳහා සුදුසුකම් ලැබීම සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ශ්‍රී ලංකාව එක්විය යුතුවේ.

කෙසේ වෙතත් 20-20 තරග වලින් සමුගැනීමට පෙර ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලබා දීමට කටයුතු කිරීම ඔහුගේ අවසන් අරමුණ වී තිබේ

” ලංකාවට 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න තරග කරන්න වෙනවා . ඒ නිසා මම මේ වෙලාවේ 20-20 තරග වලින් ඉවත්වුනොත් ඒක මම ලංකාවට කරන ලොකු අසාධාරණයක්. සුදුසුකම් ලබා දීල ලෝක කුසලානයට ක්‍රීඩා නොකලත් කමක් නැහැ. ” මාලිංග රට වෙනුවෙන් ඉටු කළ යුතු සිය අවසන් යුතුකම ගැන අවධාරණය කළේය.

ලෝක එක් දින ක්‍රිකට් තරග වලින් සමු ගැනීමට ලසිත් මාලිංග දැනටමත් තීරණය කර ඇති අතර ශ්‍රී ලංකාවේ තමන් සහභාගිවන තරගයකින් අනතුරුව එය සිදු කිරීමට ඔහු සතුව බලාපොරත්තුවක් තිබේ.

” එක්දින තරගවලින් සමුගන්න තරගය ලංකාවේදී ක්‍රීඩා කරලා සමුගන්න පුළුවන් නම් හොඳයි.” මාලිංග පවසයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.