ක්‍රිකට් ටිකට් ගන්න කළින්ම යන්න !

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හෙට (මාර්තු 01) දා පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේ ප්‍රවේශ පත්‍ර කල්තියාම වෙන් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

කල්තියාම සිය ප්‍රවේශපත්‍ර වෙන් කර ගැනීමේදී තරගය පැවැත්වෙන දිනය තුළ ක්‍රීඩා ලෝලීන් අතර අනවශ්‍ය තදබදයක් ඇතිවීමේ අවධානම අවම වන බව විශ්වාසය පළ කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ප්‍රවේශ පත්‍ර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන්, පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් සහ අස්ගිරිය ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් කාර්යාලයෙන් මිලදී ගැනීමේ අවකාශසලසා දී තිබේ.

සියළුම ප්‍රවේශ පත්‍ර කවුළු පෙ.ව. 9 සිට ක්‍රියාත්මක වන නමුත් තරගය පැවැත්වෙන දිනයේදී පල්ලකැලේ ක්‍රීඩාංගණය තුළ ප්‍රවේශ පත්‍ර අලෙවිය සිදු නොකරනු ඇත. ඒ අනුව එදින බලගොල්ලේ පිහිටි අබීත ක්‍රීඩා පිටියේදී ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමේ හැකියාව පවතිනු ඇත. එම ස්ථානය හැරුණු කොට ඉහතින් සඳහන් කරන ලද සෙසු ස්ථානවලදීද තරගය පැවැත්වෙන දිනයේදී ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීමේ හැකියාව ප්‍රෙක්ෂකයින්ට උදාකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

ප.ව. 2.30 ට ආරම්භ වීමට නියමිත තරගය නැරඹීම සඳහා පැමිණෙන ක්‍රීඩා ලෝලීන් හට ප.ව. 12.30 සිට පල්ලකැලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීම සඳහා වූ දොරටු විවෘත කර තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දී සිටියි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.