20-20 කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව මෙහෙයවන්න මාලිංග

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග නම් කර තිබේ.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා තිසර පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ නුවන් ප්‍රදීප් යළි කැඳවා තිබීම විශේෂත්වයක්.

කෙසේවෙතත් ඉකුත් පන්දුවාර 20 තරග කිහිපයකදී දක්ෂතා දැක්වූ භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු සහ කසුන් රාජිත සංචිතයෙන් ඉවත් කර ඇත.

මේවනවිට පැවැත්වෙන එක්දින තරගාවලියට එක් නොවන දසුන් ශානක ද පන්දුවාර 20 තරගාවලියට කැඳවා ඇති අතර තරග 02 කින් සමන්විත දෙරට අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය ලබන 04 වනදා ආරම්භවීමට නියමිතයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.