ශ්‍රී ලංකා ජනපති අගමැතිට ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ ඉහළම ගෞරවය

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට සහ අගමැති මහින්ද රාජපක්ෂ ට ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ ඉහළම ගෞරවය වන කළුපටි 9 වැනි ශ්‍රේණිය පිරිනැමීමට ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය සුදානම් වෙයි .

ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති ආචාර්ය චුන්වොන් චෝ  අද (23) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර මේ සංචාරය අතරතුර එම සම්මානය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පිරිනැමීමට කටයුතු සංවිධානය කර තිබේ.

විවිධ හේතු මත අවම පහසුකම් යටතේ ජීවත්වන හා අවතැන් වූ පවුල්වල සිටින දරු දැරියන් ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් ජය ගැන්වීමට උනන්දු කරවීමේ සහ සාග් ක්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගැයීමට ලක් කිරීම ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති ආචාර්ය චුන්වොන් ගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණයි.

වසර 2004 සිට ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය චුන්වොන් චෝ  එරට ඔලිම්පික් කමිටුවේ උපදේශකවරයා ද වේ

නොයෙකුත් සමාජ අසාධාරණවලට ලක්ව ළමා නිවාසව, පරිවාසවල සිටින දරුවන් හට ටයිකොන්ඩෝ ක්‍රීඩාව තුලින් ලෝකය ජයගැනීමේ අරමුණින් ‘රෝඩ් ටු චැම්පියන්’ නමින් මෙරට ක්‍රියාත්මක වන සත්කාරක ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට ද ආචාර්ය චුන්වොන්සහභාගි වීමට නියමිතය.

පසුගිය දශක දෙකක කාලයක් තුළ කොරියානු රජය, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සමග එක්ව මෙරට විශ්ව විද්‍යාල, පාසල්, තරුණ සේවා සභාව, ආරක්ෂක අංශ හා රාජ්‍ය ආයතනවල ටයිකොන්ඩෝ ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට විශාල දායකත්වයක් ලබා දී ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.