දඹුල්ල වෑවල වැව විදුහලට බේස්බෝල් ශූරතාව

මාතලේ දිස්ත්‍රික් බේස් බෝල් සංගමය ප්‍රථම වරට සංවිධාන කළ මාතලේ දිස්ත්‍රික් පාසල් අවුරුදු 12න් පහළ බේස්බෝල් තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගැනීමට දඹුල්ල වෑවල වැව මහා විද්‍යාලයේ කණ්ඩායම සමත් විය.

වෑවල වැව මහා විද්‍යාලය ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියට මාතලේ ගලේවෙල දඹුල්ල නාවුල අධ්‍යාපන කොට්ඨාස වල පාසල් නියෝජනය කරමින් අවුරුදු 12න් පහළ බේස්බෝල් කණ්ඩායම් රැසක් සහභාගි විය. මාතලේ දිස්ත්‍රික්කයේ බේස්බෝල් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා මේ තරගාවලිය සංවිධාන කොට තිබෙන අතර අනෙකුත් පාසල්වලට ද බේස්බෝල් ක්‍රීඩාව හඳුන්වාදීම ද අරමුණක් වූ බව මාතලේ දිස්ත්‍රික් බේස් බෝල් සංගමයේ ලේකම් තීක්ෂණ ගම්මන්පිල මහතා පැවැසීය.

ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටි දඹුල්ල වෑවල වැව විද්‍යාලය බෙස්බෝල් ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම දායාද කළ පාසලකි. එමෙන්ම දැඩි ආර්ථික දුෂ්කරතාවලින් හෙබි දෙමාවුපියන්ගේ දරුවන් වෑවලවැව බේස්බෝල් කණ්ඩායම නියෝජනය කරති. විදුහලෙන් බිහිවූ බේස්බෝල් ක්‍රීඩකයන් රටවල් ගණනාවකට ගොස් තම දක්ෂතා පෙන්වා තිබේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.