මහේලගේ අර්ධ ශතකය ‘ක්‍රිකට්” ජය වැළකීමට මදි වෙයි . (Video)

රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් නවසීලන්තයේ පැවැති ‘බ්ලැක් ක්ලෑශ්’ පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට ‘ක්‍රිකට්’ කණ්ඩායම සමත් විය.

මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මුත්තයියා මුරලිදරන් සහ මහේල ජයවර්ධන ‘රග්බි’ කණ්ඩායම නියෝජනය කරන ලදී. එහිදී ‘රග්බි’ කණ්ඩායම වෙනුවෙන් මුරලි කඩුල්ලක් දවාගත් අතර මහේල ජයවර්ධන ලකුණු 50ක් වාර්තා කළේය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ‘ක්‍රිකට්’ කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස්කළ ලකුණු 117ක ඉලක්කය හඹාගිය ‘රග්බි’ කණ්ඩායමට කඩුලු 6ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 115ක් පමණි.

‘ක්‍රිකට්’ කණ්ඩායම වෙනුවෙන් මැතිව් සින්ට්ක්ලෙයාර් නොදැවී ලකුණු 60ක් වාර්තා කළේය. පන්දු යැවීමේදී ‘රග්බි’ කණ්ඩායම වෙනුවෙන් ජෝඩි බැරට් ලකුණු 22කට කඩුලු 2ක් බිඳ හෙළීය.

Image result for black clash mahela"

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.