වෙරළක් නැති මැදවච්චියට බීච් වොලිබෝල් ශුරතාවය

වයස අවුරුදු 20න් පහළ බීච් වොලිබොල් ශූරතාව මැදවච්චිය මෛත්‍රිපාල සේනානානයක ජාතික පාසලට හිමිකර දෙමින් පසුගිය ඉරිදා (22) මීගමුව වෙරළ උද්‍යානයේදී අවසන් විය.

මෙම තරගාවලියේ අවුරුදු 20න් පහළ පිරිම බීච් වොලිබෝල් ශූරතාව දිනූ මෛත්‍රිපාල සේනානායක ජාතික පාසල බීච් වොලිබෝල් තරගාවලියකට එක්වූ පළමු අවස්ථාවද මෙයයි. අවසන් තරගයේදී එම විද්‍යාලයේ ශ්‍රීනාත් චානක සහ හර්ෂ සඳුන් විසින් හුංගම විජයබා ජාතික පාසලේ ජී.ඒ. සඳරුවන් සහ නිෂාන් රාජන් ලකුණු 21/16 සහ 21/19ක් ලෙස තරග වට 2-0කින් පරාජය කළහ.

පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී බීච් වොලිබොල් රන් පදක්කම හිමිකර ගත් ගුවන් හමුදාවේ අසංක ප්‍රදීප් කුමාර සහ අශේන් රශ්මික පරාජය කරමින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම හිමිකර ගත් යුද හමුදාවේ ඉන්දික ටිරෝන් සහ ජයාන් සනුජ මෙවර විවෘත පිරිමි බීච් වොලිබෝල් අවසන් තරගය ජය ගනිමින් ශූරතාව හිමිකර ගැනීමට සමත් විය.

අවුරුදු 20න් පහළ කාන්තා

ශූරතාව – දිලුක්ෂි හර්ෂණී සහ රෂ්හි දිව්‍යාංජලී (හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය), අනුශූරතාව – ජයනි ලක්ෂිනී සහ සුරේකා දිල්හානි (හුංගම ජාතික පාසල් ක්‍රීඩා සමාජය)

අවුරුදු 20න් පහළ පිරිමි

ශූරතාව – ශ්‍රීනාත් චානක සහ හර්ෂ සඳුන් (මැදවච්චිය මෛත්‍රිපාල සේනානායක ජාතික පාසල), අනුශූරතාව – ජී.ඒ. සඳරුවන් සහ නිෂාන් රාජන් (හුංගම විජයබා ජාතික පාසල)

අවුරුදු 25න් පහළ කාන්තා

ශූරතාව – දීපිකා බණ්ඩාර සහ සුලෝචනා ජයවර්ධන (MAS කැෂුවලයින්) අනුශූරතාව – ෂෙහානි අසන්ගා සහ කසුනි තරුකා(ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම)

අවුරුදු 25න් පහළ පිරිමි

ශූරතාව – චිමික ප්‍රනාන්දු සහ ඉසුරු මධුෂාන්

(ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම), අනුශූරතාව – දිලීප චාමික සහ මලිත් සිල්වා (ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම)

විවෘත කාන්තා

ශූරතාව – දිනේෂා ප්‍රසාදිනි සහ නිරෝෂා ලක්මිණී (ශ්‍රී ලංකා ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම) අනුශූරතාව – ආෂා නිල්මිණී සහ ඩබ්ලිව්. පී. තුෂාරි (ශ්‍රී ලංකා ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම)

විවෘත පිරිමි

ශූරතාව – ඉන්දික ටිරෝන සහ ජයාන් සනුජ

(ශ්‍රී ලංකා යුද හමුදාව කණ්ඩායම), අනුශූරතාව – ශ්‍රී ලංකා ගුවන් හමුදාව

[ඩබ්ලිව්. ආර්. කුමාර]

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.