බාර්සිලෝනා , රියල් මැඩ්රිඩ් සහ ජුවෙන්ටස් ඉහලම වැටුප් ගෙවන කණ්ඩායම් අතර මුල් තැනට

බාර්සිලෝනා , රියල් මැඩ්රිඩ් සහ ඉතාලියේ ශූර ජුවෙන්ටස් පාපන්දු කණ්ඩායම් ලෝකයේ ක්‍රීඩා සඳහා වැඩිම වැටුප් ලබන කණ්ඩායම් අතර සිටින බව සඳුදා ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකට අනුව හෙළිවී තිබේ.

Sportsintelligence.com විසින් කරන ලද ගෝලීය ක්‍රීඩා වැටුප් අධ්‍යයනයේ 10 වන සංස්කරණ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ බාර්සිලෝනා කණ්ඩායමයි. එහි ක්‍රීඩකයෙකුගේ සාමාන්‍ය වැටුප ඩොලර් මිලියන 12.8 කි. එහෙත් එම අගය පසුගිය වසරේ බාර්සිලෝනා හි සටහන් වූ අගයවූ ඩොලර් මිලියන 13.7 ට වඩා අඩුවීමකි.

ඒ අනුව ලයනල් මෙසීගේ මූලික වැටුප් චෙක්පත ඩොලර් මිලියන 65 ඉක්මවයි.

ඩොලර් මිලියන 11.6 ක ක්‍රීඩක වැටුප් සාමාන්‍යයක් සහිත රියල් මැඩ්රිඩ් දෙවන ස්ථානයේ රැඳී සිටින අතර පසුගිය වසරේ ලැයිස්තුවේ නවවන ස්ථානයේ සිටි ජුවෙන්ටස් ඩොලර් මිලියන 10.54 ක ක්‍රීඩක වැටුප් ගෙවමින් තෙවැනි ස්ථානයට පත්ව ඇත.
පළමු 20 දෙනා අතර සිටින අනෙක් පාපන්දු කණ්ඩායම් වන්නේ අංක 12 ස්ථානයේ රැදී සිටින පීඑස්ජී කණ්ඩායමයි. මැන්චෙස්ටර් සිටි 13 වැනි ස්ථානයේ පසුවෙයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.