Black Lions සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 28 සහ 29 කටුනායකදි

කටුනායක ‘’ Black Lions Cricket ‘’ සමූහය විසින් පළමු වරට පවත්වනු ලබන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස 28 සහ 29 යන දෙදින කටුනායක වලාන ලක්ෂ්මි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියේ සංයුතිය පිළිබඳ අදහස් දක්වමින් එහි සංවිධායක මෙරිල් ප්‍රනාන්දු කියා සිටියේ, එක් පිළකට ක්‍රීඩකයන් 11 දෙනා බැගින් එක් පන්දුවාරයකට පන්දු 4 බැගින් යවන පන්දුවාර 5ක් ක්‍රියාත්මකට කිරීමට නියමිත බවයි. ඒ අනුව එක් පිළකට පන්දු 20 ක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වේ. එසේම මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 32ක් පමණ සහභාගී කර ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජයග්‍රාහී පළමු ස්ථානය වෙනුවෙන් කුසලානය ඇතුළුව රු. 35 000ක මුදලක් පිරි නැමීමට නියමිත අතර අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායම වෙනුවෙන් කුසලානය ඇතුළුව රු. 15 000ක් ලබා දීමට සංවිධායකයෝ තීරණය කර තිබේ.  එසේම තරගාවලියේ දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නාට මෙන්ම තරගාවලියේ වීරයා වෙනුවෙන් වටිනා කුසලාන ත්‍රිත්වයක් පිරි නැමීමට නියමිතය.

තරගාවලියට ඇතුළත් වීමේ ගාස්තු වශයෙන් රු. 3000ක් මුදලක් ගෙවීමට සිදුවන බවද සංවිධායකයෝ පවසති. තරගාවලියේ වැඩිදුර තොරතුරු සඳහා 076 675 8700  ( මෙරිල් ප්‍රනාන්දු ) සහ 076 922 8438 ( දිමුතු ) යන අය සමබන්ද කර ගැනීමට හැකියාව තිබේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.