අයිස් නොගහ අයිස් හොකී ගහන පුටින්

රුසියාවේ මොස්කව්හිදී රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අයිස් හොකී තරගයට සහභාගී විය.

එරට ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු ද මෙම ප්‍රදර්ශනාත්මක මෙම තරගයට එක්වූ අතර ඔහුට අමතරව රුසියානු දේශපාලනඥයින් හා රුසියානු හොකි ක්‍රීඩකයින් රැසක් මෙම තරගයට සහභාගී විය.

රුසියාවේ පැවැත්වෙන දේශීය රාත්‍රී අයිස් හෝකි තරගාවලියේ තව ත් එක් තරගයක් ලෙස මෙය පැවැත්වුණු අතර නත්තල් දිනයේදී පැවැති මෙම තරගය නැරඹීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටීම විශේෂත්වයකි.

රුසියාව තුළ අයිස් හොකී ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා 2011 වසරේදී ව්ලැද්මීර් පුටින් විසින් මෙම දේශීය රාත්‍රී අයිස් හෝකි තරගාවලිය හඳුන්වා දුන් බව සඳහන් වේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.