ජාතික බීච් වොලිබෝල් මීගමුවේදී

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සන්කුයික් ලංකා ආයතනය එක්ව සංවිධානය කරන ජාතික බීච් වොලිබෝල් තරගාවලිය මෙවර ද කණ්ඩායම් 200 ක සහභාගීත්වයෙන් මීගමුව වෙරළ උද්‍යානයේ දී පැවැත්වේ. තරගාවලිය හෙට (20) සිට 22 වැනිදා දක්වා තෙදිනක් පුරා පැවැත්වේ.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් හා රිදී පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මේ තරගාවලියට සහභාගී වීමට නියමිතව ඇත.

තරගාවලිය අවු.20න් පහළ, අවු. 25න් පහළ සහ විවෘත ලෙස ප්‍රධාන වයස් කාණ්ඩ 03ක් යටතේ පිරිමි කාන්තා ලෙස පැවැත්වෙයි. මේ පිළිබඳ වැඩිදුර විස්තර ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය (0112669344), කේ.ආර්.ඩී.සී රත්නමුදලි මහතා (0779393088) හෝ ධනපාල ජයපත්ම මහතා (0710953456) වෙතින් ලබාගත හැකිය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.