SAG – හිමාෂට සහ අමාෂාට රිදී පදක්කම්  

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100 තරග ඉසව්ව තත්පර 10.58කින් අවසන් කරමින් එහි රිදී පදක්කම දිනා ගැනීමට හිමාෂ ඒෂාන් සමත් වෙද්දී, එම තරග ඉසව්වේම කාන්තා මීටර 100 තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට අමාෂා ද සිල්වා සමත් වූවාය.

අමාෂා ද සිල්වා එහිදී තත්පර 11.82 කින් තරගය නිම කිරීමට සමත් වූවාය. එහි ලෝකඩ පදක්කම ද දිනු ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ලක්ෂිකා සුගන්ධි විසිනි. තත්පර 11.80 කින් අවසන් කරමින් එහි රන් පදක්කම ඉන්දියාවේ ආචනා සුසීන් විසින් දිනා ගත්තාය.

හිමාෂා ඒෂාන් තත්පර 10.50කින් අවසන් කරමින් රිදී පදක්කම දිනා ගනිද්දී, එහි රන් පදක්කම දිනා ගනු ලැබුවේ මාලදිවයිනේ සයිඩ් හසන් විසිනි. ඔහු එහිදී තරගය තත්පර 10.49 කින් අවසන් කිරීමට සමත් විය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.