45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල – නුවන් සම්පත්ගේ කායවර්ධන රන් පදක්කම තාවකාලිකව අත්හිටුවයි

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කායවර්ධන තරග ඉසව්වේ කිලෝග්‍රෑම් 90 බර පන්තිය නියෝජනය කරමින් රන් පදක්කම දිනාගත් බස්නාහිර පළාතේ නුවන් සම්පත් තරගයෙන් පසු පැවැත්වෙන තහනම් උත්තේජක පරීක්ෂණය සඳහා සහභාගී නොවීම හේතුවෙන් එහි නිවරදි පරික්ෂණයක් කරනතුරු පදක්කම තාවකාලිකව අත්හිටුවීමට තරග සංවිධායකයන් තීරණය කර තිබේ.

තරගය අවසානයේදී ඔහුට මෙම තහනම් උත්තේජක පරීක්ෂාවට සහභාගී වන ලෙස ඉල්ලා සිටියද ඔහු එම අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කර තිබේ.

එම තරග ඉසව්වේම රිදී පදක්කම දකුණු බපළාතේ ආර්. පී සරත් විසින් විසින් හිමිකර ගත් අතර ලෝකඩ පදක්කම මධ්‍යම පළාතේ පී.එම් බස්නායක විසින් දිනා ගත්තේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.