අඛණ්ඩව 41 වැනි වරටත් සමස්ත ශූරතාව බස්නාහිරට – උෂාන්ට සහ සුගන්දිට දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන

ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව 45 වැනි වරටත් සංවිධානය කළ ජාතික මහ ක්‍රීඩා උළෙල අද ( 27 ) බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වූයේ සමස්ත පදක්කම් 258 ක් හිමිකර ගත් බස්නාහිර පළාත් කණ්ඩායම ශූරතාවය හිමිකර දෙමිනි. ඔවුන්ට කරට කර තරගයක් ලබාදුන් මධ්‍යම පළාත සමස්ත පදක්කම් 149ක් හිමිකර ගනිමින් අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

මෙතෙක් පවත්වා ඇති සමස්ත තරගාවලි 45 අතරින් අවස්ථා 44 කදීම ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත සමත්ව තිබීම විශේෂත්වයකි.

ජාතික මහ ක්‍රීඩා උළේලේ මළල ක්‍රීඩා තරග ආරම්භ වීමට ප්‍රථම පෙරමුණ ගෙන සිටි බස්නාහිර පළාත එකී ආරම්භය තරගාවලියේ අවසානය තෙක් රඳවා ගනිමින් රන් පදක්කම් 99ක්, රිදී පදක්කම් 78ක් සහ ලෝකඩ පදක්කම් 81ක් සමගින් සමස්ත පදක්කම් 258ක් හිමිකර ගැනීමට සමත් විය. මෙවර තරගාවලියේ අනුශූරතාවය දිනූ මධ්‍යම පළාත රන් පදක්කම් 51ක්, රිදී පදක්කම් 38ක් සහ ලෝකඩ පදක්කම් 60ක් සමගින් සමස්ත පදක්කම් 149ක් දිනා ගැනීමට සමත් විය.

දෙවැනි දිනය වූ ඊයේ ( 26 ) දිනට නියමිත තරග අවසානයේදී තෙවැනි ස්තානයේ රැදී සිටි දකුණු පළාත අවසන් මොහොතේ සිව්වන ස්තානය තෙක් පහළට ඇද දමමින් වයඹ පළාත මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.  ඒ අනුව වයඹ පළාත රන් පදක්කම් 32ක්, රිදී පදක්කම් 33ක් සහ ලෝකඩ පදක්කම් 44ක් සමගින් සමස්ත පදක්කම් 109ක් දිනා ගැනීමට සමත් වෙද්දී, සිව්වන ස්ථනාය හිමි වූ  දකුණු පළාත රන් පදක්කම්29ක්, රිදී පදක්කම් 31ක් සහ ලෝකඩ පදක්කම් 45ක් සමගික් සමස්ත පදක්කම් 105ක් දිනා ගැනීමට සමත් විය.

පිරිමි මීටර 100 තරග ඉසව්ව තත්පර 10.8 කින් අවසන් කළ දකුණු පළාතේ ලක්ෂිත වික්‍රමසිංහ මෙවර තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වෙද්දී, මධ්‍යම පළාත නියෝජනය කළ අමාෂා ද සිල්වා තත්පර 12.1 කින් තරගය අවසන් කරමින් මෙවර තරගාවලියේ වේගවත්ම ක්‍රීඩිකාව බවට පත් වූවාය.

පිරිමි උස පැනීම තරග ඉසව්වෙන් මීටර 2.12 ක දක්ෂතාවයක්  පෙන්නුම් කළ බස්නාහිර පළාතේ උෂාන් තිවංක පෙරේරා මෙවර 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මාන දිනා ගනිද්දී, කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීම තරග ඉසව්ව තත්පර 13.9කින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනාගත් බස්නාහිර පළාතේ ලක්ෂිකා සුගන්ධි දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.

ත්‍යාග සහ සහතික පත් ප්‍රදානයට විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් ධම්මික මුතුගල, ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත පදක්කම් සටහන

ස්ථානය පළාත රන් රිදී ලෝකඩ සමස්ත පදක්කම්
1 බස්නාහිර පළාත 99 78 81 258
2 මධ්‍යම පළාත 51 38 60 149
3 වයඹ පළාත 32 33 44 109
4 දකුණු පළාත 29 31 45 105
5 සබරගමුව පළාත 19 30 38 87
6 උතුරු මැද පළාත 17 20 41 78
7 ඌව පළාත 11 23 29 63
8 නැගෙනහිර පළාත 8 6 9 23
9 උතුරු පළාත 3 9 10 22

අවසන් දිනයේ ( 27 ) තරග ප්‍රතිඵල

මීටර 100 ( පිරිමි )

රන් පදක්කම – ලක්ෂිත වික්‍රමසිංහ ( දකුණු පළාත ) – තත්පර 10.85

රිදී පදක්කම – සී.එම් යෝධසිංහ ( සබරගමුව පළාත ) – තත්පර 10.91

ලෝකඩ පදක්කම – සි.එල් කුමාර ( උතුරු මැද පළාත ) – තත්පර 10.99

මීටර 100 ( කාන්තා )

රන් පදක්කම – අමාෂා ද සිල්වා ( මධ්‍යම පළාත ) – තත්පර 12.1

රිදී පදක්කම – ලක්ෂිකා සුගන්ධි ( බස්නාහිර පළාත ) – තත්පර 12.2

ලෝකඩ පදක්කම – එස්.එච් . හෙන්ඩර්සන් ( බස්නාහිර පළාත ) – තත්පර 12.4

මීටර 10 000 (කාන්තා )

රන් පදක්කම – නිමේෂා නන්දසේන ( නැගෙනහිර පළාත ) – විනාඩි 36: 21. 9

රිදී පදක්කම – නිලානි ආරියදාස ( සබරගමුව පළාත ) – විනාඩි 36: 28. 0

ලෝකඩ පදක්කම – ශාමලි අනුෂා ( ඌව පළාත ) – විනාඩි 38: 44.2

මීටර 5000 ( පිරිමි )

රන් පදක්කම – සාගර විජේවික්‍රම ( සබරගමුව පළාත ) – විනාඩි 15: 09. 4

රිදී පදක්කම – උපුල් කුමාර ( ඌව පළාත ) – විනාඩි 15:09.6

ලෝකඩ පදක්කම – එම්. එස් පුෂ්පකුමාර ( බස්නාහිර පළාත ) – විනාඩි 15:09.8

මීටර 110 කඩුලු මතින් දිවීම (පිරිමි )

රන් පදක්කම – රොහාන් ධම්මික රණතුංග ( සබරගමුව පළාත ) – තත්පර 14.4

රිදී පදක්කම – සාලිය රන්දීව ( බස්නාහිර පළාත ) – තත්පර 14.8

ලෝකඩ පදක්කම – මලීන් උදය කුමාර ( සබරගමුව පළාත ) – තත්පර 14.9

මීටර 100 කඩුලු මතින් දිවීම ( කාන්තා )

රන් පදක්කම – ලක්ෂිකා සුගන්ධි ( බස්නාහිර පළාත ) – තත්පර 13.9

රිදී පදක්කම – ඉරේෂානි රාජසිංහ ( වයඹ පළාත ) – තත්පර 14.0

ලෝකඩ පදක්කම – ඒ.එස් අනුත්තරා ( බස්නාහිර පළාත ) – තත්පර 14.6

මීටර 400 ( කාන්තා )

රන් පදක්කම – එම්.එස් කුමාරසිංහ ( මධ්‍යම පළාත ) – තත්පර 55.6

රිදී පදක්කම – එම්.ඕ. උදයංගනී ( ඌව පළාත ) – තත්පර 57.3

ලෝකඩ පදක්කම – ශාමා දුලානි ( දකුණු පළාත ) – තත්පර 58.1

මීටර 400 ( පිරිමි )

රන් පදක්කම – එල්. පී ගුණරත්න ( ඌව පළාත ) – තත්පර 48.0

රිදී පදක්කම – ආර්.එම් රාජකරුණා ( බස්නාහිර පළාත ) – තත්පර 48.3

ලෝකඩ පදක්කම – එස්.ඩී ගුණරත්න ( මධ්‍යම පළාත ) – තත්පර 48.7

තුන් පිම්ම ( පිරිමි )

රන් පදක්කම – සෆ්රීන් අහමඩ් ( දකුණු පළාත ) – මීටර 15.42

රිදී පදක්කම – එස්.එස් ජයසිංහ ( සබරගමුව පළාත ) – මීටර 15.32

ලෝකඩ පදක්කම – ඩබ්.සී කුමාරසිරි ( බස්නාහිර පළාත ) – මීටර 15.28

මීටර 1500 ( කාන්තා )

රන් පදක්කම – එම්. සී දිල්රැක්ෂි ( වයඹ පළාත ) – විනාඩි 4: 33’9

රිදී පදක්කම – පී.එම් කුමාරි ( මධ්‍යම පළාත ) – විනාඩි 4: 38.1

ලෝකඩ පදක්කම – ආර්. දුලක්ෂි ( දකුණු පළාත ) – විනාඩි 4:41.9

මීටර 1500 ( පිරිමි )

රන් පදක්කම – ජී.ආර් චතුරංග ( දකුණු පළාත ) – විනාඩි 3: 57. 9

රිදී පදක්කම – යූ.බී හේරත් ( මධ්‍යම පළාත ) – විනාඩි 3:58.4

ලෝකඩ පදක්කම – ඒ.එස් ලක්මාල් ( වයඹ පළාත ) – විනාඩි 3:59.6

හෙල්ල විසි කිරීම ( පිරිමි )

රන් පදක්කම – ඩී.එස් රණසිංහ ( දකුණු පළාත ) – මීටර 72.03

රිදී පදක්කම – ආර්. එන් කුමාර ( උතුරු මැද පළාත ) – මීටර 66.17

ලෝකඩ පදක්කම – ආර්.එන් ප්‍රනාන්දු ( වයඹ පළාත ) – මීටර 63.91

මීටර 400 * 4 (පිරිමි)

රන් පදක්කම – වයඹ පළාත – විනාඩි 3:54.5

රිදී පදක්කම – දකුණු පළාත – විනාඩි 3:56.7

ලෝකඩ පදක්කම – බස්නාහිර පළාත – විනාඩි 3:58.4

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.