45 වැනි ජාතික මහ ක්‍රිඩා උළෙල – යාපනයේ අනීතා බදුල්ලේදී යළිත් වැඩ පෙන්වයි

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ කාන්තා රිටි පැනිමේ තරග ඉසව්වේ ගියවර රන් පදක්කම දිනාගත් සචිනි කෞෂල්‍යා පෙරේරා තෙවැනි තැනට ඇද දමමින් යාපනයේ අනීතා ජගතීෂ්වරන් මෙවර රන් පදක්කම නැවතත් දිනා ගැනීමට අද ( 25 ) සමත් වූවාය.

යාපනය මහජන විද්‍යාලයේ ආදිශිෂ්‍යාවක වන ඇය දියගම පැවති 43 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේදී රිටි පැනීමේ ඉස්ව්වේ ඇය විසින්ම පිහිටුවා තිබූ වාර්තාව  ( මීටර 3.46 )  අලුත් කරමින්  2017 වසරේ ඇය විසින්ම නැවතත් වාර්තාව අලුත් කරමින් කාන්තා රිටි පැනීමේ වාර්තාව පිහිටුවන ලදී. ඇය එහිදී මීටර 3. 48ක දක්ෂතාවයක් පෙන්නුම් කිරීමට සමත් වූවාය.

මෙවර තරගාවලියේදී ගියවර රන් පදක්කම දිනාගත් සචිනි කෞෂල්‍යා තෙවැනි තැනට ඇද දමමින් රන් පදක්කම දිනා ගැනීමට අනීතා සමත් වුවද, ඇයගේ මෙවර හොඳම දක්ෂාතාවය ලෙස සටහන් වූයේ මීටර 3.30 ක් පමණි.

මෙවර කාන්තා රිටි පැනීමේ දෙවැනි ස්ථානය බස්නාහිර පළාතේ, උදේනි සිල්වා විසින් දිනාගත් අතර, ඇය එහිදී මීටර 3.10 ක දක්ෂතාවයක් පෙන්නුම් කිරීමට සමත් වූවාය. තෙවැනි තැනට පත්වූ සචිනි කෞෂල්‍යා පෙරේරා ගියවර මීටර 3.20ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුවද, ඇයට මෙවර ඉදිරිපත් කිරීමට හැකි වූයේ මීටර 3.00 ක දක්ෂතාවයක් පමණි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.