ලෝක කුසලාන රග්බි – ඉතිහාසය අලුත් කළ ජපානය අර්ධ අවසන් පූර්ව වටයට

ලෝක කුසලාන රග්බි තරගාවලියේ ස්කොට්ලන්තයට එරෙහිව පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 28 – 21 ක ජයක් ලැබූ සත්කාරක ජපානය මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

1987  වසරේ සිට ජපානය ලෝක කුසලාන රග්බි තරගාවලියට ක්‍රිඩා කළද ඒම සෑම අවස්ථාවකදීම ඔවුන්ට පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවිය. ඒ අනුව මෙවර තරගාවලියේ පළමු වටයේ පැවති තරග 4ම ජයගත් ජපානය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව බවට ඉතිහාසයට එක්විය.

තරගයේ පළමු අර්ධය ලකුණු 21 – 7 කින් පෙරමුණ ගත් ජපානය තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය.

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 2ක් යාමට මත්තේන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ ජපානය ලකුණු 28 – 7 කින් පෙරමුණ ගත් අතර එකී බලාපොරොත්තු සුනු විසිළු කිරීමේ බලාපොරොත්තුවෙන් ස්කොට්ලන්තය දෙවැනි අර්ධයේදී තවත් උත්සාහක දිනුම් 2ක් වාර්තා කරමින් තරගය ඔවුන් වෙත නතු කිරීමට උත්සාහ කළේය. එහෙත් එකී බලාපොරොත්තු වියැකී ගියේ ජපන් ඉදිරි ආරක්ෂක වළල්ලෙන් තවත් එකදු ලකුණක්වත් රැස් කිරීමට ස්කොට්ලන්තයට නැවත අවස්ථාවක් ලබා නොදීමත් සමගය. 

ඒ අනුව ලකුණු 28 – 21 කින් ජයගත් ජපානය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනිද්දී, ස්කොට්ලන්තයට ලෝක කුසලාන සිහිනය අතහැර දැමීමට සිදුවූයේ එවිටමත් අයර්ලන්තය ප්‍රසාද ලකුණු 16ක් සමගින් ලකුණු සටහනේ දෙවැනි තැන හිමිකර සිටීමත් සමගය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.