අශාන් ප්‍රියංජන්ගේ තුන් ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකා ඒ පිලට ජය ගෙනෙයි

නායක අශාන් ප්‍රියංජන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අද ( 09 ) සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1 – 0 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 117 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 25.5කදී කඩුලු 3ක් පමණක් දැවී සිය ඉලක්කය පහසුවෙන්ම පසුකර ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය අශාන් ප්‍රියංජන් පන්දු 62කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 50ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් ප්‍රියමාල් පෙරේරා පන්දු 37කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 24ක් රැස් කිරීමට සමත් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඒ කණ්ඩායම පන්දුවාර 33.3 කදී ලකුණු 116කට සීමා කිරීමට අශාන් ප්‍රියංජන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සයිෆ් හසන් පන්දු 47කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 32ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නායක අශාන් ප්‍රියංජන් ලකුණු 10කට කඩුලු 4ක් බිද හෙලූ අතර කමිදු මෙන්ඩිස් සහ චාමික කරුණාරත්න අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

බංග්ලාදේශ ඒ කණ්ඩායම – පන්දුවාර 33.3 කදී සියලුදෙනා දැවී ලකුණු 116

( සයිෆ් හසන් 32, නජිමුල් හොසේන් ෂැන්ටෝ 24, මොහොමඩ් මිතුම් 21, අශාන් ප්‍රියංජන් 10/4, චාමික කරුණාරත්න 17/2, කමිදු මෙන්ඩිස් 17/2 )

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම – පන්දුවාර 25.5 කදී කඩුලු 3කට ලකුණු 120

( සඳුන් වීරක්කොඩි 16, කමිදු මෙන්ඩිස් 23, අශාන් ප්‍රියංජන් නොදැවී 50, ප්‍රියමාල් පෙරේරා නොදැවී 24 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.