සරා ටේලර් ක්‍රිකට් පිටියට සමුදෙයි

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකාරිනි සරා ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.

2009 සහ 2017 යන වසර ද්විත්වයේම ජයග්‍රාහී ලෝක කුසලාන කාන්තා කණ්ඩායම නියෝජනය කළ ටේලර්, 2009 වසරේ විස්සයි 20 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායම ද නියෝජනය කළාය.

2012, 2013 සහ 2018 යන වසර වලදී වසරේ දක්ෂතම විස්සයි 20 ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත් ඇය, 2014 වසරේ වසරේ විශිෂ්ඨතම එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය ද දිනා ගත්තාය.

ක්‍රීඩාවට සමුදෙන විට, ටෙස්ට් තරග 9කදී ලකුණු 295ක්, එක්දින තරග 121 කදී ලකුණු 3958ක් සහ විස්සයි 20 තරග 89 කදී ලකුණු 2175ක් රැස් කරගෙන සිටියාය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.