ශ්‍රී ලංකා – පාකිස්තාන් දෙවැනි තරගයට වැස්ස හරස් වෙයිද ?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය හෙට ( 30 ) පාකිස්තානයේ කරච්චි ක්‍රීඩාංගණයේදී ප.ව 3.30 ට ආරම්භ වීමට නියමිතය.

කෙසේ නමුත් වසර 4කට පසු පාකිස්තානය සිය සත්කාරකත්වය ලබාදෙන මෙම තරගාවලියට වර්ෂාවෙන් බාධා පැමිණේදැයි ක්‍රිකට් විචාරකයෝ මත පළ කරමින් සිටිති.

දෙරට අතර පැවත්වීමට නියමිත තිබූ පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග එකදු පන්දුවාරයක්වත් ක්‍රීඩා නොකර තරගය අතහැර දැමීමට තරග තීරකවරු තීරණය කළහ. දෙවැනි එක්දින තරගය අද ( 29 ) පැවැත්වීමට සැලසුම් කර තිබුණද, ක්‍රීඩාංගණය ක්‍රීඩා කිරීමට සිදුසු අන්දමට සකසා ගැනීම සඳහා ශ්‍රී ලංකා පාකිස්තාන තරග කාල සටහන වෙනස් කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.