2019 සමස්ත ලංකා පාසල් සහය දිවීමේතරගාවලියේ සමස්ත බාලක බාලිකා ශුරතා කොළඹ ශාන්ත පීතර විද්‍යාලය ට සහ වලල එස් . රත්නායක විද්‍යාලය ට

2019 සමස්ත ලංකා සහය දිවීමේ පාසල් තරගාවලියේ සමස්ත බාලක ශූරතාව හිමිකර ගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සමත් වූ අතර වලල එස් . රත්නායක විද්‍යාලය තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාවට හිමිකම් කීමට සමත් විය.

පුරා දින තුනක් කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැතිතරගාවලිය ඊයේ (22 වැනිදා) නිමාවට පත් විය. අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පැවැති 2019 සමස්ත ලංකා පාසල් සහය දිවීමේ තරගාවලිය සඳහා මෙවර පාසල් 357ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 8000ක් සමණ සහභාගිවී සිටියහ.

පුරා දින තුනක් කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැති 2019 සමස්ත ලංකා පාසල් සහය දිවීමේ තරගාවලිය ඉරිදා (22 වැනිදා) අවසන් විය.

තරගාවලියේ සමස්ත බාලක අනුශූරතව ද වලල එස් . රත්නායක විද්‍යාලය ට හිමිවූ අතර සමස්ත බාලක තෙවැනි ස්ථානය දිනා ගැනීමට කොළඹ සාන්ත බෙනඩික් විද්‍යාලය සමත් විය.

තරගාවලියේ සමස්ත බාලිකා අනුශූරතාව ගම්පහ සිරිකුරුස විදුහල හිමිකර ගනිද්දී . තෙවැනි ස්ථානය පන්නිපිටිය ධර්මපාල විදුහල විසින් හිමිකර ගත්තේය.

මේ අතර තරගාවලියේ මිශ‍්‍රපාසල් සහය දිවීමේ ශූරතාව වලල එස් . රත්නායක විදුහල විසින් හිමිකර ගත අතර එහි අනුශූරයෝ බවට පත් වීමට පන්නිපිටිය ධර්මපාල විදුහල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ. කරුණෑගල ශී‍්‍රමත් ජෝන් කොතලාවල විදුහල එහි තෙවැනි ස්ථානයට පත් විය.

2019 සමස්ත ලංකා පාසල් සහාය දිවීමේ තරගාවලියේ 12 පහළ බලක ශූරතාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් සමතැන් ගැනීමට ගම්පහ සාන්ත පීතර විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල සමත් විය. මීට අමතරව 14න් පහළ බාලිකා ශූරතාවලියේ සම ශූරියෝ බවට පත්වීමට පන්නිපිටිය ධර්මපාල විදුහල සහ අඹුගමුව ම.ම. විද්‍යාලය සමත්වූ අතර එහි අනුශූරියෝ ලෙස සමතැන් ගැනීමට කුරුණෑගල ශී‍්‍රමත් ජෝන් කොතලාවල විදුහල, ගම්පහ රත්නාවලි විදුහල සහ කොළඹ මියුසියස් විදුහල සමත්වීම කැපී පෙනුනි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.