ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහූ කෝප් කමිටුවෙන් සමාව අයැදිති

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව ( කෝප් කමිටුව ) හමුවට පෙනී සිටින ලෙස සිව්වතාක් දන්වා තිබුණද, ඒ සඳහා සහභාගී නොවූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු පිරිස ඊයේ ( 18) එම සභාවෙන් සමාව අයද සිටියේය.

කෝප් විමර්ශනයට සහභාගි වන ලෙසට ක්‍රිකට් ආයතනයට හතර වතාවක් දින ලබාදුන් බව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේය.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් 3 වැනිදා කෝප් කමිටුව හමුවට පෙනී සිටින ලෙස දන්වා තිබුණද එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු කිසිදු කෙනෙකු සහභාගී නොවූහ. මේ හේතුවෙන් මෙම විමර්ශනයට නොපැමිණිමට හේතු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා කියා සිටියේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ විශේෂ රැස්වීමක් හේතුවෙන් එයට සහභාගී වීමට නොහැකි වූ බවය.

අරුණ ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ, නවසීලන්ත සංචාරය පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති බැවින් සහභාගී වීමට නොහැකි වූ බවයි. ලලිත් රඹුක්වැල්ල ද වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරමින් නොපැමිණීමට හේතුව දන්වා සිටියේය.

ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, උපසභාපති රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික ලලිත් රඹුක්වැල්ල හා ප්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා යන මහත්වරු මෙසේ සමාව අයැද සිටියහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.