ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නොපැමිණීම පාකිස්ථාන බලධාරීන්ගේ කනස්සල්ලට

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ට ක්‍රීඩකයන් අකමැත්ත ප්‍රකාශ කිරීම පාකිස්ථාන ක්‍රිකට් බලධාරීන්ගේ කනස්සලට හේතුවී තිබේ.

නායක ඩිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශ්‍රී ලංකා ජෙෂ්ට ක්‍රීඩකයින් ආරක්‍ෂිත තත්ත්වය සලකා මෙම තරගාවලියට එක්වීමට මේවන විටත් ප්‍රතික්ෂේප කර ඇති බවට මාධ්‍ය වාර්තා පලවී තිබේ.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (පීසීබී) ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නොපැමිණීම පිළිබඳව නිල ප්‍රකාශයක් කර නැතත්, මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන් ශ්‍රී ලංකා මණ්ඩලයේ නිලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සමඟ සම්බන්ධ වී සිටින බවයි.

“මේක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනේයේ අභ්‍යන්තර කාරණයක් නිසා අපට ඒ පිළිබඳව අදහස් දක්වන්න බැහැ .. සැප්තැම්බර් 25 වනදා සිට මෙම සංචාරය පැවැත්වෙන අතර කරච්චි සහ ලාහෝර් හි සත්කාරකත්වය සැපයීමට අපි සියලු කටයුතු සූදානම් කරමින් සිටිනවා ” පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩල සාජිකයෙක් ප්‍රකාශ කළේය

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.