ආනන්ද ක්‍රීඩකයෝ ද්විත්ව ශූරතා දිනති

ශ්‍රී ලංකා පාසල් මේසපන්දු සංගමය සංවිධානය කළ අන්තර් පාසල් කණ්ඩායම් මේසපන්දු තරගාවලියේ වයස 18 න් පහළ සහ 12 න් පහළ ‘ඒ’ කාණ්ඩයේ බාලක ශූරතා ද්විත්වයම දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත් විය.

වයස 18 න් පහළ අවසන් මහ තරගයේදී මහනුවර කිංග්ස්වුඞ් විදුහලට එරෙහිව වට 3-2 ක ජයක් හිමි කරගත් ආනන්ද විදුහල, වයස 12 න් පහළ අවසන් මහ තරගයේදී වට 3-2 ක් ලෙස කොළඹ රාජකීය විදුහල පරාජය කළේය.

වයස 18 න් පහළ ‘ඒ’ කාණ්ඩයේ බාලිකා ශූරතාව දිනාගැනීමට කොළඹ කාන්තා විදුහල සමත් වූ අතර අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල පරාජය කරමින් ඔවුන් එම ශූරතාවට හිමිකම් කිවේය.

18 න් පහළ වයස් කාණ්ඩයේදී පරාජයට පත්වුවද, වයස 12 න් පහළ ‘ඒ’ කාණ්ඩයේ බාලිකා ශූරතාවට හිමිකම් කීමට ධර්මාශෝක විදුහල සමත් විය. ඒ අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස අම්බලන්ගොඩ දේවානන්ද විදුහල පරාජය කරමිනි.

දිවයින පුරා පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක සහභාගි වූ මෙම තරගාවලිය දින තුනක් පුරා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ලංකාදීප 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.