ලසිත් මාලිංග තවත් වාර්තාවක් අභියස

ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන ලසිත් මාලිංගට හෙටින් ( 01 ) ඇරඹෙන නවසීලන්ත එරෙහි විස්සයි 20 තරගාවලියේදී තවත් වාර්තාවක් තැබීමට අවස්ථාව උදා වී තිබේ.

විස්සයි 20 ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලබාගත් පන්දුයවන්නන් අතර කඩුලු 98ක් ලබා ගනිමින් මේ වනවිට පෙරමුණේ පසුවන්නේ පකිස්තාන හිටපු තුන්ඉරියව් ක්‍රීඩක ෂයිඩ් අෆ්රිඩිය. ඔහුව අභිබවා යමින් මෙම වාර්තාව තමන් සතුකර ගැනීමට ලසිත් මාලිංගට තවත් අවශ්‍ය ඇත්තේ, කඩුලු 2ක් පමණි. එසේම මෙම තරගාවලිය තුලදී ඔහුට තවත් කඩුලු 3ක් ලබා ගැනීමට හැකි වන්නේ නම් ජාත්‍යන්තර විස්සයි 20 තරග බිමේ කඩුලු 100ක් සම්පූර්ණ කළ පළමු ක්‍රීඩකයා බවට පත් වීමට ද හැකියාව තිබේ. ඔහු එසේ කඩුලු 100 ක් සම්පූර්ණ කිරීමට සමත් වන්නේ නම්, ටෙස්ට්, එක්දින හා විස්සයි 20 යන තරග අංශ තුනේම කඩුලු 100ක් බැගින් ලබාගත් පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසයට ද එක්වනු ඇත.

2010 වසරේ ටෙස්ට් ක්‍රීඩාවට සමුදෙන විට ටෙස්ට් තරග 30 කදී කඩුලු 101 ක් තම ඉදිරියේ සනිටුහන් කර ගැනීම ලසිත් මාලිංග සමත් වූ අතර, එක්දින පිටියේද තරග 226 කදී කඩුලු 338ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව විස්සයි 20 පිටියේද එම දක්ෂතාවය දැක්වීමට මේ වනවිට අවස්ථාව උදා වී තිබේ.

විස්සයි 20 පිටියේ වැඩිම කඩුලු ලාභීන් 

ක්‍රීඩකයා ක්‍රීඩා කළ අවධිය තරග ඉනිම් පන්දුවාර නි.ප ලකුණු කඩුලු
ෂයිඩ් අෆ්රිඩ් ( පකිස්තානය) 2006-2018 99 97 361.2 4 2396 98
ලසිත් මාලිංග ( ශ්‍රී ලංකාව ) 2006-2019 73 73 261.5 0 1911 97
ෂකිබ් අල් හසන් ( බංග්ලාදේශය ) 2006-2018 72 71 261.5 1 1775 88
උමාර් ගුල් ( පකිස්තානය ) 2007-2016 60 60 200.3 2 1443 85
සයීඩ් අජ්මාල් ( පකිස්තානය ) 2009-2015 64 63 238.2 2 1516 85
රශීඩ් ඛාන් ( ඇෆ්ගනිස්තානය ) 2015-2019 38 38 144.0 1 867 75
මොහොමඩ් නබි ( ඇෆ්ගනිස්තානය ) 2010-2019 68 68 238.4 5 1705 69
ටිම් සයුති ( නවසීලන්තය ) 2008-2019 58 56 204.0 2 1748 67
අජන්ත මෙන්ඩිස් ( ශ්‍රී ලංකාව ) 2008-2014 39 39 147.3 5 952 66
නුවන් කුලසේකර ( ශ්‍රී ලංකාව ) 2008-2017 58 58 205.1 6 1530 66

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.