අජින්ක්‍යා රහනේ සහ හනුමා විහාරි, රොහිත් ශර්මාට අනතුරු අගවති

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර හෙට ( 30 ) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයේදී ඉන්දීය ප්‍රහාරාත්මක පිතිකරු රොහිත් ශර්මාට කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොතිබීම කාගේත් අවධානය යොමුව තිබේ.

සාමාන්‍යෙයන් ටෙස්ට් තරග වලදී අංක 6 පිතිකරුවා ලෙස පිටියිට පිවිසෙන රොහිත් ශර්මාට පළමු ටෙස්ට් තරගයේදී ද අවසන් 11 දෙනා අතරට එක් වීමට අවස්ථාවක් හිමි නොවීය. ශර්මාගේ ස්ථානයට ආදේශ කළ, හනුමා විහාරි පළමු තරගයේ, පළමු ඉනිමේදී ලකුණු 32ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 93ක් රැස් කිරීමට සමත් විය.

කොදෙව්වන්ට එරෙහිව සංචිතයට එක්කළ අජන්ක්‍යා රහනේද සුපුරුදු දක්ෂතා අතරට එමින් පළමු ටෙස්ට් තරගයෙ, පළමු ඉනිමේදී ලකුණු 81 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 102 ක් රැස් කිරීමට සමත් වූයේ රොහිත් ශර්මාගේ ස්ථානය සඳහා තවත් අභියෝග කරමිනි.

තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති කොදෙව් ක්‍රීඩක රකීම් කෝර්න්වෝල් බොහෝ විට දෙවැනි ටෙස්ට් තරගයට එක් කිරීමට නියමිත බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දීය සංචිතය – කේ එල් රාහුල්, මයන්ක් අගර්වල්, චෙතේෂ්වර් පුජාරා, විරාටි කෝලි ( නායක ), අජින්ක්‍යා රහනේ, හනුමා විහාරි, රිෂාබ් පාන්ට්, රවින්ද්‍ර ජඩේජා, ඉෂාන්ට් ෂර්මා, මොහොමඩ් ශමී, ජස්ප්‍රිට් බුම්රා

කොදෙව් සංචිතය – ක්‍රේග් බ්‍රැත්වෙයිට්, ජෝන් කැම්බෙල්, ඩැරන් බ්‍රාවෝ, රොස්ටන් චේස්, ෂායි හෝප්, ෂිමෝන් හෙට්මයර්, ජේසන් හෝල්ඩර් , රකීම් කොර්න්වෝල්, කීමෝ පෝල්, කෙමාර් රොච්, ශැනෝන් ගැබ්‍රිල්

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.