ශ්‍රී ලංකා දැල්පන්දු මුල් පුටුව නිතරගයෙන් ලක්ෂ්මි ට

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නව සභාපතිනිය ලෙස ආසියානු දැල්පන්දු සංගමයේ උප සභාපති සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනියක වූ වික්ටෝරියා ලක්ෂ්මි නිතරගයෙන් තේරී පත්විය.

නව නිළධාරී මණ්ඩලය ඉදිරි වසරක කාලයක් සදහා නිළවරණයෙන් පත් විය.

නිලවරණය අද (28) පැවැත්වූ අතර ඒ සඳහා වෙළඳ සේවා දැල්පන්දු සම්මේලනයේ සභාපති සංජිවනි වනසිංහ සහ ආසියානු දැල්පන්දු සංගමයේ උප සභාපති සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ හිටපු සභාපතිනියක වූ වික්ටෝරියා ලක්ෂ්මි තරග බිමට පිවිස තිබිණි

සභාපති තනතුර සදහා තරග කල සංජීවනී වනසිංහ ඉල්ලා අස්වූ අතර නව නිළධාරී කණ්ඩායම නිතරගයෙන් පත් විය.

ඡන්ද බලය හිමි සංගම් 34 න් සංගම් 25 ක් නිළවරන අවස්තාවට සහභාගී වූ අතර පාසල් සංගමය නිරීක්ෂණ මට්ටමින් සහභාගී විය.

නව නිළධාරී මණ්ඩලය

සභාපති – ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය
ලේකම් – චම්පා ගුණවර්ධන මහත්මිය
භාණ්ඩාගාරික – පද්මා ජයන්තා මහත්මිය
උප සභාපති- ටී.එම්.පී.කුමාරිහාමි මහත්මිය
උප ලේකම් – සුමිත්‍රා වණසිංහ මහත්මිය
උප භාණ්ඩාගාරික – හිරන්ති සේනානායක මහත්මිය.

ට්‍රික්සි නානායක්කාරගේ සභාපතිත්වයෙන් තිබු දැල්පන්දු සම්මේලනයේ කාලය අවසන්වීමත් සමඟ පසුගිය අප්‍රේල් මාසයේදී දැල් පන්දු සම්මේලනය සඳහා අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පියවර ගත්තේය.

දැල් පන්දු නිලවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහා සාමාජික දැල්පන්දු සංගම් පිළිබඳව විරෝධතාවක් මතුවීම හේතුවෙන් නිලවරණය කල් යාමේ ලකුණු පහලවුවද නිසි පරිදි නිලවරණය අද (28) පැවැත්වෙන බවට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබුණි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.