හසන් අලී ඉන්දීය කතකට පෙම් බදියි

පකිස්තාන් වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී ඊයේ ( 30 )  ට්විටර් ගිණුමේ සටහන් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ විවාහ උත්සවය පිළිබද තොරතුරු හැකි ඉක්මනින් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවයි. හසන් අලී විවාහ වීමට සූදානමින් සිටින්නේ ඉන්දීය කාන්තාවක් සමග බව විදෙස් ආරංචි මාර්ග අණාවරණය කරයි.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ තමන්ගේ විවාහ උත්සවය සම්බන්ධයෙන් තවමත් ස්ථීරවම තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේ නමුත් දෙමාපියන්ග් හමුවීමෙන් පසු මේ සම්බන්ධයෙන් ඉක්මනින්ම තීරණය ගැනීමට තමන් සූදානම් බව පවසා තිබේ.

හසන් අලීගේ ආදරවන්තිය බවට පත්ව ඇත්තේ ඩුබායි ගුවන් සේවයේ නියතු ෂමියා අර්සු නම් කාන්තාවයි. ඇය එංගලන්තයේ සිය අධ්‍යාපන කටයුතු කිරීමෙන් පසු සිය දෙමාපියන් සමග ඩුබායි හි මේ වනවිට ජීවත් වෙයි. ඇයගේ ඥාති හිතමිතුරන් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ නවදිල්ලි නුවර වාසය කරන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දියාව සහ පකිස්තානය අතර පවතින දුරස්ථභාවය නිසාම මෙය කාගේත් අවධානමට ලක්වූ මාතෘකාවක් බවට මේ වනවිට පත්ව ඇත. මීට පෙර ද පකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක සොයිබ් මලික් ඉන්දීය ටෙනිස් ක්‍රීඩිකවක් වන සානියා මිර්සා සමග විවාහ ගිවසුම් ගත්තේය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.