වෙනස්කම් හතරක් සමගින් ශ්‍රී ලංකාව පිටියට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

තරගාවලියේ ජය  2-0 ක් ලෙස මේ වනවිටත් ශ්‍රී ලංකා කණ්ඩායම සතු වෙද්දී, බංග්ලාදේශය සිය අවමානයෙන් බේරීම සඳහා මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට යම් අභියෝගයක් එල්ල කරනු ඇති බව විචාරකයන් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ වෙනස්කම් 4ක් සමගින් වන අතර ඒ අනුව ළහිරු තිරිමාන්න, නුවන් ප්‍රදීප්, ධනංජය ද සිල්වා සහ ඉසුරු උදාන වෙනුවට ෂෙහාන් ජයසූරිය, කසුන් රාජිත, වනිදු හසරංග ද සිල්වා සහ දසුන් ශානක අද කණ්ඩායම එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න ( නායක ), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස්, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, අකිල ධනංජය, වනිදු හසරංග, කසුන් රාජිත, ලහිරු කුමාර

බංග්ලාදේශ කණ්ඩායම – තමීම් ඉක්බාල් ( නායක ), සෞම්‍ය සකර්, මොහොමඩ් මිතුම්, මුෂ්ෆිකර් රහීම්, මහමදුල්ලා, එනමුල් හක්, සබීර් රෙහ්මාන්, මෙහෙදි හසන්, ෂෆියුල් ඉස්ලාම්, ටජියුල් ඉස්ලාම්, රුබෙල් හුසේන්

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.