ශ්‍රී ලංකා – බංග්ලාදේශ අවසන් එක්දින තරගය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තෙවැනි හා අවසන් එක්දින තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේදී අද (31) පැවැත්වීමට නියමිතයි. දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 02.30ට ආරම්භ වේ.

2015 වසරේ නොවැම්බර් මාසයෙන් පසු එනම් මාස 44 කට පසු ශ්‍රී ලංකටවට සිය මව්බිමේදී එක්දින තරගාවලියක් ජයග්‍රහණය කිරීමට හැකි වූ අතර  අද තරගය ද ජය ගනිමින් පූර්ණ තරගාවලි ජයක් ලැබීම එකම අරමුණ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසයි.

ඒ අනුව පසුගියදා ජාත්‍යන්කර ක්‍රිකට් පිටියෙන් සමුගත් නුවන් කුලසේකරට අද තරගයට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආරාධානා කර ඇති අතර එහිදී ඔහු වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්වීමට  කටයුතු සංවිධානය කර තිබේ.

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින තරගය ලකුණු 91කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි එක්දින තරගයද කඩුලු 7කින් ජය ගැනීමට සමත් විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.