හරීන්ගෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාපිටි 100ක් සඳහා අතහිත

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය ජය ගැනීමට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් බිහි කෙරෙන පාසල් ක්‍රීකට් ක්‍රීඩා පිටි තුල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව එම පාසල් වලට එම උපකරණ ලබාදීමේ උත්සවයක් විදුලි සංදේශ විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ( 30 ) පැවැත්විණි.

එහිදි පාසල් ක්‍රිකට් ක්‍රීඩා පිටි 100 ක් සදහා රෝද දෙකේ ට්‍රැක්ටර්, තරණකොල කැපීමේ යන්ත්‍ර සහ ටොන් 10 අත් රෝල් 100 ක් බෙදා දීම සිදු කෙරුණි.

එයට අමතරව 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සමගාමීව එහි පුහුණුවීම් කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීමට ක්‍රීඩා සංගම් 19ක් යටතේ රුපියල් 16, 773, 000 ක් ලබා දීමට කටයුතු කළේය.

යටිතල පහසුකම් ලබාදුන් පාසල්

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 18

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 12

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 09

කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 08

බලුල්ල දිස්ත්‍රික්කයේ පාසල් 06

කුරුණෑගලෙ සහ මහනුවර දිස්ත්‍රික්කයන්හි පාසල් 05 බැගින්

මාතර, පුත්තලම සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි පාසල් 04 බැගින්

රත්නපුර, අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්හි පාසල් 03 බැගින්

මාතලේ, නුවර එළිය, හම්බන්තොට, කෑගල්ල, අනුරාධපුර සහ මඩකළපුව දිස්ත්‍රික්කයන්හි පාසල් 02 බැගින්

පොළොන්නරුව, යාපනය, කිළිනොච්චි සහ වව්නියාව දිස්ත්‍රික්ක සඳහා එක් පාසලක්ද බැගින්

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.