තිලාන් සමරවීරට නවසීලන්තයෙන් ක්‍රිකට් තනතුරක්

 සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර මහතා  පිතිහරඹ පුහුණු උපදේශකවරයකු ලෙස නවසීලන්ත කණ්ඩායම සමග එක්වීමට නියමිතව ඇත.

මින් පෙර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ බංග්ලාදේශ කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙස කටයුතු කළේය. ඊට අමතරව 2016 වසරේ ඕස්ට්‍රේලියානු  කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගි වූ අවස්ථාවේදී ඔහු පුහුණු උපදේශකවරයකු ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමටද සිය සේවය ලබාදුන්නේය.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 14 වැනිදා ආරම්භවන අතර එහිදී සමරවීර නවසීලන්ත කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු වන පීටර් ෆුල්ටන්ට සහාය දැක්වීමට නියමිතය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.